සතේට හිඳුනු 50 Cent

Published in අනං මනං
Tuesday, 14 July 2015 13:39

සුප්‍රසිද්ධ ඇමරිකානු රැප් ගායකයෙකු වන 50 Cent තමන්ගෙ බංකොලොත්බාවය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගායකයෙකු වගේම ව්‍යාපාරිකයෙකු , නළුවෙකුද  වෙන 50 Cent පසුගියදා ඇමරිකානු අධිකරණය වෙත වාර්තාවක් සපයමින් ප්‍රකාශ කරේ තමන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වුවත් තමන්ට ගෙවීමට ඇති ණය ප්‍රමණය ඩොලර් මිලියන 50ක් බවයි.

ඔහු මේ හෙළිදරව්ව කරනු ලැබුවේ ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වීමෙන් අනතුරුව එහි වන්දි ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් අධිකරණයෙන් ගෙවීමට නියම වීමෙන් පසුවයි.

50 Cent ගේ ඇත්ත නම  කර්ටිස් ජේම්ස් ජැක්සන් වන අතර 2003 වර්ෂයේ නිකුත් වූ 'Get Rich or Die Tryin‍' ඇල්බමය නිසා ඔහු ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් විය.

ඒවගේම 2010 වසරේදී  ග්‍රෑමි සම්මානයෙන්ද පිදුම් ලැබූ 50 Cent ගේ අදායම් ලැබෙන ක්‍රම ලෙස පතල් කර්මාන්තය, රෙදිපිළි, මත්පැන් යනාදිය  සඳහන් වෙනවා.

කෙසේවෙතත් ඔහුට නැවත ආරථික ස්ථාවර බාවයක්  ලබාගැනීම සඳහා ඇමරිකානු අධිකරණය සහන කාලයක් ලබා දී තිබෙනවා.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us