වසර 73ට පසු පුස්තකාලයක සාමාජිකත්වය හිමිවූ තොම්සන්

Published in අනං මනං
Saturday, 04 July 2015 16:52

මිනිස්සු විවධ දේවල් අනුව වෙන්කර සැළකීම ලෝකය පුරාම සිද්ධ වෙනවා. මීට දශක ගණනාවකට කලින් ඇමරිකාව පුරා කළු සුදු බේදය විශාල ලෙස පැතිර තිබුණා.

පර්ල් තොම්සන් කළු ජාතික කාන්තාවක්. මීට  දශක හතකට විතර කලින් ඇයට අවශ්‍ය වෙනවා උතුරු කරෝලිනාහි පුස්තකාලයෙන් පොත් ලබාගන්න.

ඒත් ඇයට ඒ සඳහා අවස්ථාව හිමිවෙන්නෙ නෑ. එකම හේතුව ඇය කළු ජාතික කාන්තාවක් වීමයි.

1942 දී ඇයට සිදුවුණු අසාධාරණය පසුගියදා නිවැරදි කෙරුණා. තොම්සන්ට දැන් වයස 92ක්. පොත් ලබාගැනීම සඳහා ඇය පුස්තකාලය වෙත ගොස් තිබෙන්නේ ෂෝ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි අවධියේදීයි.

ඒ කාලයේදී තොම්සන්ට පුස්තකාලයට ඇතුලුවීමටවත් අවසර ලබානොදෙන බලධාරීන් ඇයව බිම් මහලේ පිහිටි පරණ පත්තර ගබඩා කර ඇති ස්ථානයකට යවනවා. එහිදී තමයි ඇය තමන්ට අවශ්‍ය පොතෙන්  කරුණු  සටහන් කරගෙන තිබෙන්නේ. ඒවගේම ඇයට සිද්ධ වෙනවා පොත නැවත බාරදෙන්න.

මේ සිද්ධිය දැනගන්න වර්තමාන පුස්තකාලයාධිපතිවරු තොම්සන්ව සොයාගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ පුස්තකාලයේ සාමාජිකත්වය පිරිනමනවා.

මේ ප්‍රදේශයේ 1960 වසරේදී  අප්‍රිකානු-ඇමරිකානු  ජතිකයන්ට වෙනම පුස්තකාලයකුත් සුදු ජාතිකයන්ට වෙනම පුස්තකාලයකුත් ආරම්භ කර තිබෙනවා.

කොහොම උනත් වසර ගණනාවකට පස්සෙ සිදුවුණු මේ නිවැරදි කිරීම ගැන අදහස් දක්වන තොම්සන් පවසන්නේ වසර ගණනාවකට පෙර සිදු වූ  සිදුවීම ගැන තමන් තුල කිසිඳු අමනාපයක් නොමැති බව සහ තමන් වර්තමානයේ ලබූ හිමිකම ගෞරවයෙන් බාරගන්නා බවයි.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us