බිල් ගේට්ස් නැවතත් අංක එකට

Published in අනං මනං
Tuesday, 03 March 2015 12:42

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරුවා වන බිල් ගේ්ට්ස් නැවතත් තේරීපත්ව තිබෙනවා. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන ලොව ධනවත්ම පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනේ දී බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තේරීපත්වුණේ 16 වැනි වරටයි.

ඔහුගේ සම්පූර්ණ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 79.02ක් වන බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.

අමෙරිකානු ඩොලර් බිලියන 77.1කට හිමිකම් කියන මෙක්සිකෝවේ ව්‍යාපාරිකයෙකු වන කාලෝස් ස්ලිම් ලොව ධනවතුන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ලොවපුරා මේ වන විට සිටින බිලියනපතියන් සංඛ්‍යාව 1826ක් වනවා. පසුගිය මාස 12 තුළ පුද්ගලයින් 181 දෙනෙකු බිලියනපතියන් බවට පත්ව ඇති බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.


ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිට 07 වැනි ස්ථානය දක්වා හිමිකර ගෙන සිටින්නේ පිරිමි පුද්ගලයින්. කාන්තාවන් අතරින් අමෙරිකාවේ ක‍්‍රිස්ටි වෝල්ටන් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us