ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රඟපෑමෙන් සමු ගනියි

Published in අනං මනං
Tuesday, 17 February 2015 13:56

ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් බවට පත් වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සිනමා ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ චිත්‍රපටවල විවිධ චරිත සඳහා යම්තාක් දුරට සාධාරණයක් ඉටුකිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව ඇය ප්‍රකාශ කළත්, ඇය සිය ඒකාකාරී සිනමා ජීවිතයෙන් ඉදිරි කාලයේදී ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ සිනමා ක්ෂේත්‍රයේ පවතින තරඟයෙන් තමන් හෙම්බත් වී ඇති නිසා සමාජයෙන් ඈත් වී නිදහසේ හුස්ම ගැනීමට තීරණය කර ඇති බවයි. ඉදිරි කාලයේ විවේකව ගත කරමින් චිත්‍ර අඳිමින් ගතකරලා සැහැල්ලුවෙන් ගත කිරීමට ඇය කැමැත්තක් දක්වන බව පැවසේ.

2014 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටය වන්නේ ස්ටිල් ඇලිස් චිත්‍රපටයයි. එම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක්ද විය.

කෙසේ නමුත් ඇය මෙම වර්ෂයේදී (2015) ආරාධනා ලැබී ඇති චිත්‍රපට සඳහා කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම පුවත පිළිබඳ ඇගේ රසිකයන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

cristina2

cristina3

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us