පට්ට ගහන ඩෙනිමේ පට්ට ස්ටොරිය

Published in අනං මනං
Wednesday, 04 February 2015 11:30

ඩෙනිම් කියපු ගමන් මතක් වෙන්නෙ මාස ගානක් පට්ට ගහන ඇඳුමනෙ. ඩෙනිම සමාජ පන්තීන් ජාති ආගම් වයස් බේද විතරක් නෙමේ ලිංගිකත්වයත් අතික්‍රමණය කරන්න සමත් උන ඇඳුමක්. මෙච්චර පට්ට ගහන්න පුළුවන් වටිනා ඇඳුමක ඉතිහාසයත් පට්ට.

1872දී පමණ ලිවයි ස්ට්‍රස් නමැති තරුණය රැකියාව විදියට සිදු කළේ ඇමරිකාවේ පතල් ආශ්‍රිතව වැඩ කරන මිනිසුන්ට රෙදි අලෙවි කිරීම. මේ පතල් ආශ්‍රිතව වෙසෙන කම්කරුවන් දුෂ්කර ජීවිත ගත කිරීම නිසා නිතරම ඇඳුම් අවශ්‍ය උනා.

මේ වෙනකොට ඩේවිඩ් ජැකොබ් නම් තරුණය මේ සඳහා විසඳුමක් ලෙස ඇඳුම් වලට යකඩ බොත්තම් යොදමින් කලිසම වැඩිපුර භාවිතා කළ හැකි ක්‍රමයක් සොයාගෙන තිබුණා.

මෙවැනි ඇඳුම් අතිශය ජනප්‍රිය වීම නිසා ලිවයි ස්ට්‍රස් ජැකොබ් සමඟ එකතු වී තමන්ගෙ ඇඳුම් සඳහාත් මේ යකඩ බොත්තම් භාවිතා කරන්න පෙළඹුණා. මෙලෙස නිර්මාණය කරපු ඇඳුමට ඔවුන් 1873 මැයි 21 වනදා පේටන්ට් බලපත්‍රය ලබාගත්තා. ඩෙනිමේ උපන්දිනය ලෙස සැළකෙන්නේ මැයි 21 වෙනිදායි.

denim-history

මෙම ඇඳුම එකළ ජීන්ස්(Jeans) යන නමින් තමයි හැඳින්වූවේ. මෙම ජීන්ස් වැඩිපුර නිර්මාණය උනේ ඩෙනිම් රෙද්දෙන්. ඩෙනිම් රෙද්ද නිර්මාණය උනේ කපු නුලෙන්.

ඩෙනිම් යන වචනය ප්‍රංශ වචනයක්. Nimes නම් ප්‍රංශ නගරයක නම එකතු වෙලා තමයි ඩෙනිම් කියන නම හැදිලා තියෙන්නෙ.

මුලින්ම කව්බෝයි හා පතල් කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය වූ ඩෙනිම් විලාසිතාව පසු කාලයේ ජනප්‍රිය උනේ මෙන්න මෙහෙමයි.

ඩෙනිම ලෝකෙට හඳුන්වා දීල ටික කාලයක් යනකොට කව්බෝයි චිත්‍රපට වලත් මේක අඳින්න පටන් ගත්තා.

ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ උන සෙබළුන් අතර මෙම ඇඳුම ජනප්‍රිය උනා.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෙවිස් ලට අමතරව Lee, Wrangler වැනි තවත් සමාගම් කීපයක් ඩෙනිම් නිෂ්පාදනයට මුල පිරුවා.

1950 විතර වෙද්දී තරුණයන් අතරත් මෙය අතිශය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.

denim-history1

ඒත් එක්කම 1955දී තිරගත උන Rebel Without a Cause චිත්‍රපටය හරහා ඩෙනිම් තරුණ බවේ සංකේතයක් ලෙස තව තවත් ජනප්‍රිය උනා. මේ එක්කම සිනමාහල්, පාසල්, ආපනශාලා වැනි සමහර ස්ථාන සඳහා ඩෙනිම් ඇඳීම තහනම් උනා.

නමුත් 1970 දී මෙය ඇමරිකාව තුල සාමාන්‍ය ඇඳුමක් ලෙස පිළිගනු ලැබුවා.

නැවතත් ඩෙනිම් විලාසිතාවේ නැගීමක් සිදුවන්නේ 2000 වසරේදී පමණ. එයට හේතුව වන්නේ විශාල විලාසිතා ආයතන කාන්තා විලාසිතා සඳහා ඩෙනිම් බහුලව යොදාගැනීමයි.

අද වෙනකොට විවිධ ඩෙනිම් රෙදි වර්ග විතරක් නෙමේ විවිධ නම් වලින් හඳුන්වන විවිධ ඩෙනිම් කලිසම් විලසිතාත් වෙළඳ පොළේ තියනවා.

1873 උපත ලබපු ඩෙනිම අද වනතුරු අමරණීයව පවතිනවා. ඉදිරියටත් ඒක එහෙමම වෙයි. නැත්තම් අපිට පට්ට ගගහා අඳින්න ඇඳුමක් නැතුව යනවා.

denim2

Last modified on Wednesday, 04 February 2015 11:33

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us