මේනකා සහ ආක්ෂා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Published in අනං මනං
Monday, 13 October 2014 11:33
ටෙලි නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
නව පරපුරේ ජනප්‍රිය නිළියක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් වන මේනකා මධුවන්ති හා නිරූපණ ශිල්පිණියක් මෙන්ම නිවේදිකාවකාවක් වන ආක්ෂා සුධාරි යන මේ දෙදෙනාව පසු ගිය (09) දින අධිකරණය විසින්  අත් අඩංගුවට ගැනීම  සඳහා වරෙන්තු  නිකුත්  කරන  ලදී.
 
ඒ  මොවුන් දෙදෙනා හා ආක්ෂාගේ මව වන මොහිදින් වහීදා නැමැති කාන්තාව එකතු  වී  ටෙලිනාට්‍ය නිළියක වන හංසිකා සිතාරා හට පහරදී ඇය සතුව තිබූ වටිනා ජංගම  දුරකථයක්  සොරාගන යෑමේ සිද්ධියට සම්බන්ධයෙන්  පැවති  නඩුව  නැවත විභාගවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසාය.
 
මීට පෙර පැවති  නඩු වාරයේදී  ඔවුන්  තිදෙනාව ඇප පිට මුදා හැර ඇත.
 
මෙම  සිද්ධිය  සිදු  වී   වසරක්  සපිරෙන  අතර  2013  ඔක්‍තෝම්බර්  10 වන  දින  තමාට  මොවුන්  තිදෙනා  පහරදුන්  බවට  පැමිණිළි  කළ   හංසි  සිතාරා  එම  පැමිණිල්ලේ  සඳහන්  කර  ඇත්තේ  ඉහත සඳහන්  දින  තමාව  නුගේගොඩ  නිලූ  සැලුන්  නැමැති  ස්ථානයට  ගෙන්වාගෙන  එසේ  පහරදුන්  බවය.
2 1
 
Menaka maduwanthi-Gossip-book
මේනකා  මධුවන්ති
 
images 5
ආක්ෂා  සුධාරි
 
images 7
හංසි  සිතාරා
 
Last modified on Monday, 13 October 2014 12:07

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us