කුරුල්ලන් බිය වද්දන රොබෝ කුරුල්ලා එයි.

Published in අනං මනං
Monday, 08 September 2014 15:22

ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.

රාජාලියන් හෝ උකුස්සන්ගේ හැඩයට තැනූ රොබෝ කුරුල්ලන් දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරවයි. රොබෝ කුරුල්ලන්ට අනිත් කුරුල්ලන් පහසුවෙන්  ප්‍රදේශයෙන් ඉවත්කිරීමට හැකියාවක් ඇති බව නිෂ්පාදකයෝ කියති. ස්වභාවික හැඩයෙන් නිපදවා ඇති මේ සතුන් අනිත් කුරුල්ලන් රැවටීමට සමත්ය.

උකුස්සකුගේ හැඩයට තනා ඇති රොබෝ පක්ෂියා අඟල් 23ක් දිගැතිය. පියාපත් අතර දිග අඟල් 47කි. පැයට කිලෝ මීටර 80ක වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ඇත. රාජාලි හැඩයට තනා ඇති පක්ෂියාගේ දිග අඟල් 46කි. තටු අතර දිග අඟල් 86කි. සාමාන්‍ය කුරුල්න්ගේ මෙන් මේ රොබෝ කුරුල්ලාගේ ද තටු දෙපසට වැනෙන ආකාරයෙන් නිපදවා තිබේ.

දැනට දුරස්ථ පාලකයක් මගින් හැසිරවුව ද ඉදිරියේ දී මේ පක්ෂීන් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි ආකාරයෙන් නිපදවීම නිෂ්පාදකයන්ගේ අපේක්ෂාවයි.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us