ටයිටැනික් මතකය අලුත් කරමින් රන් ඔරලෝසුවක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

Published in අනං මනං
Monday, 29 April 2024 14:15

සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවනවා.

මේ නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියා

ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා

එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ් ඇස්ටර් නම් ව්‍යාපාරිකයෙක්. ඔහුත් මේ අනතුරින් දිවියෙන් සමුගත්තා ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා ලෙස මොහු සැලකෙනවා. ව්‍යාපාරික ජෝන් ජේකබ් ඇස්ටර්ගේ මියගිය සිරුරේ තිබී කැරට් 14ක රන් ඔරලෝසුවක් සොයා ගන්නටත් සමත් වුණා.

මෙය පවුම් මිලියන 1.2 ක වාර්තාගත මුදලකට මැත කාලයේ අලෙවි වී තිබුණා.

ටයිටැනික් කෞතුක භාණ්ඩ සඳහා මීට පෙර වෙන්දේසියේදී ගෙවා ඇති ඉහළම මුදල වූයේ මිලියන 1.1ක් . ඒ නැව ගිලීයෑමත් සමඟ වාදනය කළ වයලීනයක් සඳහා යි.

ඩොලර් මිලියන 87 ක ශුද්ධ වත්කම් තිබූ බවට සැලකෙන ව්‍යාපාරික ජෝන් ජේකබ් ඇස්ටර්ගේ මළ සිරුර 1912 අප්‍රේල් 14 ටයිටැනික් අනතුරෙන් දින හතකට පසු අත්ලාන්තික් සාගරයෙන් සොයා ගන්නා බවයි විදෙස් ආරංචිමාර්ගවල සදහන් වන්නේ. 

මොහුගේ මේ පැළඳ සිටි රත්‍රන් "පොකට් ඔරලෝසුව" නිසා ටයිටැනික් වෘතාන්තය නැවතත් කරළියට පැමිණ තිබේනවා.

එම රන් ඔරලෝසුව පවුම් 900,000කට වෙන්දේසියකදී විකිණී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ

එංගලන්තයේ විල්ෂයර් ප්‍රදේශයේ පැවති වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කර තිබූ අතර එහි ආරම්භක වටිනාකම සඳහන් වූයේ පවුම් 150,000ක්.

ඒ සඳහා බදු සහ වෙනත් ගාස්තු ගෙවු පසු එම ඔරලෝසුව මිලදී ගත් පුද්ගලයාට ගෙවීමට සිදුවන සම්පූර්ණ මුදල පවුම් මිලියන 1.175ක් .

කොහොම උනත් වෙන්දේසිකරු ඇන්ඞෲ ඕල්ද්‍රිජ් පැවසුවේ එය ලෝක වාර්තාවක් බවයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us