රජයේ මුද්‍රණාලය කොට උඩ, රජයේ රහස් ලියැවිලි මුද්‍රණයත් පිට යන හැඩ Featured

Published in පුවත්
Saturday, 30 July 2016 23:00

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා සුදුසුකම් සහිත මුද්‍රණාලයාධිපතිවරයකු නොමැතිවීම හේතුවෙන් එහි වැඩකටයුතු මුළුමනින් අඩපණවී විශේෂ ආරක්ෂා සහිතව මුද්‍රණය කළ යුතු රජයේ රහස් ලියැවිලි මුද්‍රණය පවා පෞද්ගලික අංශයට දීමට සිදුවන තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

එහි සේවකයින් පෙන්වා දෙන අන්දමට 2012 ජූලි මාසයෙන් පසුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා මුද්‍රණාලයාධිපතිවරයකු නොමැති අතර ඒ වෙනුවට සිටින්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකි.

එසේම මුද්‍රණාලයාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා නිසි සුදුසුකම් සහිත නිලධාරීන් ගණනාවක්ම සේවයෙහි යෙදී සිටියත් එම කිසිවකුත් එම තනතුරට පත් කිරීම සඳහා අමාත්‍යාංශය පියවර ගෙන නොතිබීම ගැන ද සේවකයෝ විරෝධය පළ කර සිටිති.

රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සලකන්නේ රජයේ මුද්‍රණ උපදේශකවරයා ලෙස වන අතර යම් අධිකරණමය කටයුතුවල දී ඔහුගේ සාක්ෂිය ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ මතය ලෙස සැලකේ. මෙම තනතුර සඳහා සුදුසුකම් ලෙස මුද්‍රණ විෂය සම්බන්ධයෙන් ලොව ඉහළම ආයතනයක් ලෙස සැලකෙන ‘ලන්ඩන් කොලේජ් ඔෆ් ප‍්‍රින්ටින්’ ආයතනයේ වෘත්තීය පුහුණු සහතිකය හෝ ඒ හා සමාන සහතිකයක් තිබිය යුතු බව මුද්‍රණ සේවා පනතෙහි දැක්වේ. එම සුදුසුකම් සැපිරූවන් තිදෙනකු මේ වන විට මෙම ආයතනයේ සිටින නමුත් වත්මන් පරිපාලන නිලධාරියාට එවැනි සුදුසුකම් නොමැත. 1802 දී පිහිටුවන ලද රජයේ මුද්‍රණාල ඉතිහාසය පුරා සුදුසුකම් රහිත පුද්ගලයන් මෙහි ප‍්‍රධානත්වයට පත් වූයේ 2012 න් පසුව පමණි.

අවසන් වරට සුදුසුකම් සහිත නිලධාරියකු වන ලලිත් ද සිල්වා මහතා මෙහි වැඩ බලන මුද්‍රණාලයාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණත් ඔහු මංගල සමරවීර මහතාගේ හිතවතකු යැයි සැලකීම නිසා රාජපක්ෂ ආණ්ඩුව ඔහුට ස්ථිර පත් වීමක් ලබා නොදුන්නේය.

කෙසේ නමුත් මේ වන විට මුද්‍රණාලයාධිපති තනතුර පමණක් නොව ජේෂ්ඨ නියෝජ්‍ය මුද්‍රණාලයාධිපතිවරු 4 ක්, අතිරේක මුද්‍රණාලයාධිපතිවරු 2ක් හා සහකාර මුද්‍රණාලයාධිපතිවරු 9කගේ පුරප්පාඩු වසර ගණනාවකින් පුරවා නොමැත. මේ තත්ත්වය මත මුද්‍රණාලයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමේ කටයුතු අඩපණව ඇති අතර මේ වන විට ඉතා සුරක්ෂිත වටපිටාවක් තුළ සිදු කළ යුතු තැපැල් මුද්දර, විභාග ප‍්‍රශ්න පත‍්‍ර, ගැසට් පත්‍ර හා වෙනත් රහස්‍ය ලේඛන ආදිය මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයේ මුද්‍රණාලවලට පැවරීමට සිදුව තිබෙන බව ද එම සේවකයෝ පවසා සිටිති.


එමෙන්ම මුද්‍රණාලය මෙලෙස අයාලේ යාමට ඉඩ දී තිබෙන්නේ මෙම ආයතනයත් පෞද්ගලිකකරණය කිරීමටදැයි බරපතළ සැකයක් ඇතිව තිබෙන බවත් සේවකයෝ පවසා සිටිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us