නව විගණන පනත අගමැති කාර්යාලයේ හිරවේ.

Published in පුවත්
Saturday, 16 July 2016 16:39
යෝජිත විගණන පතනතේ අඩංගු රජය සේවකයන් සඳහා වන අධිබාරය සම්බන්ධ වගන්තිය ඉවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින්ගෙන් එල්ල වන විරෝධය මත තව දුරටත් ඒ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගමැති ලේකම්වරයා විසින් වලක්වමින් ඇති බව වාර්තාවේ.
පසුගියා බදාදා මුදාල් ඇමැති රවී කරුණානායක මහතා සමඟ සිවිල් සමාජ ක්‍රිකාකාරික්යන් පිරිසක් හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපති කුමාරසිංහ මහතා පැවැත්වු සාකච්ජාවකින් අනතුරුව අධිබාරය පැනවීමේ වැදගත්කම ඇමැතිවරයාට පෙන්වා දී ඇති අතර ඇමැතිවරයාද ඒ පිළිගෙන තිබේ. මීට පෙර අවස්ථවක ඇමැතිවරයා මේ පිලිගැනීමට ලක් කර තිබුණේ නැත. අධිභාරය යනු රාජ්‍ය සෙවකයන් වෙතින් යම් වංචාවක් අක්‍රමිකතාවයක් සිදුවුවහොත් ඒ ඔහුගෙන් අය කර ගැනීම සඳහා විගණකාධිපතිවරයාට ලැබෙන බලතලයකි. මෙයට රාජ්‍ය පරිපාලන නිලධාරීන් දැඩි විරෝධයක් පල කිරීමට හේතුව වී ඇත්තේ රාජ්‍ය නිලධාරින්ට දේශපාලකයන්ගේ මැදිහත් වීම මත යම් අක්‍රමිකතාවයන්ට හවුල් වීමට සිදුවීමත් අවසානයේදී ඊට දඩුවම් විඳිම ද රාජ්‍ය නිලධාරියාට පමණක් සිදුවීම මතය. මිට පෙරද මෙම අධිභාරය ක්‍රියාත්මක වූ නමුත් 1991දී එවකට මුදල් අමාත්‍යංශ ලේකම්ව සිටි ආර් පාස්කරලිංගම් මහතා( වත්මන් අගමැති උපදේශක) පැනවු චක්‍ර ලේඛයක් මගින් එම බලය හිමිවූයේ අමාතයංශ ලේකම්වරයාටය. එහෙත් පසුගිය රාජපක්ෂ සමයේදී මේ ලේකම්වරුන්ද සෘජුවම වංචා දුෂණ ගනනාවකට හවුල් වී තිබිනි. එම නිසා මේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
කෙසේ නමුත් ඉහත කී සාකච්ඡාවෙන් පසුව විගණන පනත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කරන බව මුදල් ඇමැතිවරයා පොරොන්දු වී තිබිණි. එහෙත් ඊට පසු දින මුදල් ඇමැතිවරයා දැනුම් දි තිබුණේ එම පනත සම්මත කිරීම තව දුරටත් කල් දැමෙන බව අගමැති කාර්යාලය විසින් දැනුම් දුන් බවය. 
පසුගිය කලයේ රාජය නිලධාරීන් මෙහෙයවනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කාර්යාල ප්‍රධානී ගාමිණි සෙනරත් විසිනි. ඔහුට වංචා දුෂණ චෝදනා රැසක්ම ඉදිරිපත්ද තිබේ. අද එම බලය සහිත තනතුර හිමිව තිබෙන්නේ අගමැති ලේකම් සමන් ඒකනායකටය. රාජ්‍ය පරිපලන සෙවයේ සියලු නිලධාරීන් ඔහු සමග වන  අනොන්‍ය සහයොගයෙන් කටයුතු කිරීම සිදුවිය යුතුව තිබේ. මෙනිසා එම නිලධාරීන්ගේ වුවමනාව වෙනුවෙන් ඔහුද පෙනි සිටී.  ඔහුගේ බිරිඳද  අමාත්‍යංශ ලෙකම්වරියකි. 
කෙසේ නමුත් යොජිත විගනන පනතින් අධිබාරය ඉවත් කිරීම මඟින් නව පනත කිසිදු තෙරුමක් නැති ලියැවිල්ලක් වනු ඇති  බව විගණකාධිපති දෙපාර්තමෙන්තු නිළධාරීන් පෙන්වා දෙති.

-- 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us