ජිනීවා වාර්තාව ජනපති අතට, අනතුරෙන් ගැලවෙන්න අලුත් යෝජනා 4කුත්

Published in පුවත්
Saturday, 05 September 2015 10:05

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම කඩ වීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග දන්වා සිටී.

මෙම වාර්තාව මඟින් උතුරු නැගෙනහිර පළාත්වල සිදුවූ යුදමය තත්ත්වය තුළ වූ යුද අපරාධ මානව හිමිකම් කඩවීම හා ඒවාට වගකිව යුතු නිළධාරීන් සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් සිදුවනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් නෛතිකමය ක්‍රියාමාර්ග හෝ ආර්ථික සම්බාධක හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තාවේ.

ඒ කෙසේ නමුත් ශ්‍රි ලංකා දේශපාලන අධිකාරියෙහි වූ වෙනස්කම හා ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීම සම්බන්ධයෙන් පෙන්වා ඇති වර්ධනය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජිනීවා වාර්තාව ක්‍රියාත්මක කිරීම වෙනුවට නව යෝජනා 4ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පළමු කරුණ ලෙස මෙරට මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමත් එමඟින් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම යෝජනා වී තිබේ. දෙවනුව අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලබා දීම සඳහා ක්‍රමවේදයක් සැකසීමත් තුන්වැනුව චෝදන ලැබ සිටින රැඳවුම්කරුවන් සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදුකෙරෙන ආකාරය පැහැදිලිව දැන්වීම හා සිව්වැනුව යළි මෙවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය කරන යෝජනාව කුමක්ද යන කරුණු 4 සම්බන්ධයෙන් පිළිතුරක් අමරිකාව හා එක්සත් ජාතින් බලාපොරොත්තු වේ.

මේ සම්බන්ධයෙන් මේවන විටත් විදේශ අමාත්‍යශය විශේෂ වාර්තාවක් සකස් කරමින් සිටින අතර ජනාධිපති ලේකම් කාර්යාලය හිටපු රාජතාන්ත්‍රික නිළධාරියකු හා වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් තවත් වාර්තාවක් සකස් කරමින් සිටී.

කෙසේ නමුත් මේ නව යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට නියමිත අතර ඒ අනුව ජිනීවා අනතුරක් යළි ශ්‍රි ලංකාව වෙත යොමු නොවනු ඇත.

මේ අතර එල්ටීටී පක්ෂපාත ඩයස්පොරා කණ්ඩායමක් හා මෙරට සිටින එහි හිතවත් දේශපාලකයන් අමරිකාව විසින් යෝජනා කරන මෙම දේශීය යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් දැන්ටමත් විරෝධය පළ කර ඇත.

සත්හඬ පුවත්පත ඇසුරෙණි

Last modified on Saturday, 05 September 2015 10:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us