දුමින්දට ළගදීම මතක් වෙයි ?

Published in පුවත්
Wednesday, 05 August 2015 13:15
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව විභාගයට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. මෙම න සුවිශේෂී සිද්ධියක් ලෙස සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම අනුමැතිය ලැබිණි. මෙම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පත්කර ඇති අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස් මොරායස් මහතා ක්‍රියා කරති. 
 
පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර 08 සවස වැනි දා සවස මුල්ලේරියාව වල්පොළ හංදියේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශ්වය හා දුමින්ද සිල්වා පාර්ශ්වය අතර ඇතිවූ ගැටුමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි වැදී මිය ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බව මාධ්‍ය වාර්තා කළේය.
එදින පස්වරු 7.00ට පමණ නවලෝක රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය පැවසුවේ දුමින්දගේ හිසට වෙඩි පහක් වැදී ඇති නිසා සැත්කමක් කළ බවත් සැත්කම අවසන් වන තුරු ඔහුගේ තත්ත්වය නිශ්චිතව කිව නොහැකි බවත් ය.   ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා රාත්‍රියේ එහි ගිය අතර රෝහල අවට ආරක්ෂාව තර කැරිණි.
 
පසු දින උදෑසට 10ට පමණ රෝහල් ආරංචි පැවසුවේ   හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙන්ටිලේටර් සහාය නොමැතිව   හුස්ම ගන්නා බවයි.
ඔක්තේබර 11 වැනිදා ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස් ඒ කේ ගමගේ මහතා පැවසුවේ දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැති බවයි. ඔහු සම්බන්ධකර ඇති යන්ත්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරු නිරන්තර සෝදිසියෙන් සිටින බව ද හෙතෙම එදින පැවසීය. එදිනම රාත්‍රියේ ඔහු කිසිදු නීතිමය කටයුත්තකින් තොරවම විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල බලා පිටත් කෙරුණු බව ආරංචි වූ අතර ඒ සියල්ල කෙරුණේ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම යටතේ ය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 2013 මාර්තු 5 වැනිදා ය. ඉන්පසුව දින කිහිපයකින් ඔහු නවලෝක රෝහලේ දී නාමික අත් අඩංගුවට පත් වීමක් සිදු කෙරුණු අතර 2013 අප්‍රේල් 27දා ඔහු ඇප ලබා නිවස බලා නික්ම ගියේ ය. මේ මුළු කාලය පුරාවට ම ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව බැරෑරුම් වාර්තා ඉදිරිපත් කෙරෙද්දීම පාර්ලිමේන්තුවෙන් ඔහුට නිවාඩු අනුමැතිය ආණ්ඩු පක්ෂය විසින් ලබා ගන්නා ලදී.
 
ඇප ලැබීමෙන් පසුව සුපුරුදු ලෙස ස්වකීය දේශපාලන කටයුතු වල නිරත වූ දුමින්ද සිල්වා, අදාල භාරත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැවසූයේ තමන්ට ඒ කිසිවක් මතක නැති බවයි. දේශපාලනික සාකච්චාවන්හිදී මෙම තත්වය උපහාසාත්මක ලෙස 'දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමය' ලෙස ද හැඳින්විනි. 
 
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තී සමිති උපදේශකයා සහ ඔහුගේ පැරණි ම පවුලේ හිතවතෙකු වූ පුද්ගලයෙකු ජනපතිගේ ම බාලසොයුරාගේ අලුත් හිතවතෙකු සහ එවකට එම බාලසොයුරා ලේකම් වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත්කර සිටි අයකු විසින් ඝාතනය කෙරුණු මොහොතක නීතිය ක්‍රියාත්මක කෙරුණේ ඒ ආකාරයෙනි. අද නැවතත් බලය ඉල්ලමින් සිටින්නේ ඒ රාජපක්ෂලා ම ය. තමුන්ගේ ම උපදේශකයා සහ මිතුරා ඝාතනය කෙරුණු විට නීතිය අධෝවාතයක් පමණට මායිම් නොකර ඝාතන සැකකරුවාට ආරක්ෂාව සැපයූ රාජපක්ෂලාය. ඔවුන්ගේ පරාජය නොවන්නට මෙම නඩුවට අත්වන්නට තිබුණු ඉරණම සිතා ගැන්ම ඉතා පහසුය. 
 
අවසානයේ ඝාතනයෙන් වසර හතරක් සපිරෙන්නට ආසන්න වන මොහොතක හෝ මෙතෙක් පැවති නාටක වෙනුවට සාධාරණ නඩු විභාගයක් ක්‍රියාත්මක විය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ද චෝදනා එල්ල වී ඇති මෙම දුමින්ද සිල්වාගේ අතිමහත් ධනස්කන්ධය ඉදිරියේ නීතිය දෙකට තුනට නොනැවෙන බව පෙන්වා දීම අදාල පාර්ශ්වයන් හි වගකීමක් වනු ඇත. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us