පෞද්ගලික අංශයේ පඩි වැඩිකරන්න රජයට ඉඩ දෙන්න බෑ, ප්‍රශ්නය ජිනීවාවලටත් යයි

Published in පුවත්
Thursday, 11 June 2015 12:42

ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම අත්තනොමතිකා හා නිදහස් වෙළඳ ආර්ථිකයේ මුලිකාංග වලට පටහැනි වන අතර එම පදනමේ සිට ලංකා සේව්‍ය සම්මේලනය මෙම පඩි වැඩි කිරීමේ යෝජනාව තරයේ හෙලා දකින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රවී පිරිස් මහතා ඊයේ (8) වන දින ජිනීවා නුවර පැවැත්වෙන ලෝක කම්කරු සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කලේ සේවායෝජකයින් ලෙස තමුන් මෙම යෝජනාවන්ට එරහිව දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් පෙන්වාදෙන්නේ මෙවැනි උත්සාහයන් සාමුහික කෙවල් කිරීමේ ක්‍රියාවලියේ හරය නිෂ්පල කරන අතර පාර්ශවකරුවන්ට තමුන්ගේ විවිදවූ කොන්දේසි, තත්වයන් හා අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන ගෙවීම් කිරීමට ඇති හැකියාව අහෝසිකරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ලංකා සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් රවී පීරිස් මහතා සිය සමුළු දෙසුම අතරතුරදී මෙලෙස අදහස් දැක්විය.

නිදහස් වෙළඳ ආර්ථිකයක් පවතින සෑම තැන්හිම එහි පැවැත්මේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමක් පවතිනවා

අනිවාර්ය වැටුප් වැඩිකිරීම් ලෝක කම්කරු සංවිධානයේ අවම වැටුප් වැඩිකිරීමේ ප්‍රමිතීන් හා අනනුකුලනොවේ. එලෙසම මෙමගින් සියලු තත්වයන්ට අනුරුප වන සමරුපි මිම්මක් එමගින් විදහා පෑමක් සිදු නොවේ (One size fits all).

අපට ජාතිය පෙරට තබන න්‍යාය පත්‍රයක් අවශ්‍ය වේ. අපගේ විධායක ජනපතිවරයාත් මෙම පණිවුඩය අනුමත කර තිබීම ගැන අප සතුටු වනවා. රජයේ කාර්යභාරය විය යුත්තේ පලදායි නිමැවුම් සඳහා පහසුකම් සැලසීමයි. රජය විසින් රැකියා නිර්මාණයටත් ව්‍යාපාර ප්‍රවර්ධනයටත් යෝග්‍ය වටපිටාවක් ගොඩ නැගීම කල යුතු වනවා.

වෘත්තීය සමිති වල කාර්යභාරය විය යුත්තේ “රැකිරක්ෂා ලෝකයේ” ඇති ප්‍රායෝගික යතාර්තයන් අවබෝධ කරගනිමින් සේවකයින්ගේ රැකියා නිර්මානයත් හා ව්‍යාපාර ප්‍රවර්ධනය සුරක්ෂිත කිරීමත් සිතෙහි දරාගෙන වැඩකරන ජනතාවගේ වුවමනාවන් නියෝජනය කිරීමයි.

ව්‍යාපාරිකයින් හැටියට අපි අපගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම ඉඩප්‍රස්තාවක් කෙරහිම සොයා බැලිය යුතු වනවා. මෙය අනෙක් අතට රැකියා සුරක්ෂිත කරනු ඇත. අපි එකට වැඩකලයුතු වනවා. වඩා යහපත් සේවා තත්වයන් සඳහා වන අපේ කැපවීම සංකේතවත් කිරීමක් ලෙස ලංකා සේව්‍ය සම්මේලනය ඉතා සුවිශේෂී පරිශ්‍රමයක් මැතකදී දියත්කරනු ලැබුවා. මෙමගින් ආදර්ශවත් සේවායෝජකයින් අපි ප්‍රදර්ශනය කරනු ලැබුවා. ධනාත්මක් අනුගත වීම (Compliance Plus) යනු අපගේ නව ස්වා යෝජක සන්නාම (Branding) පරිශ්‍රමයක්. එනම් යහපාලනයේ ක්ෂේත්‍ර හතරක් වන සමානාත්මතාවය, සේවාස්ථාන සබඳතා, රැකියා වැඩපිළිවෙලවල් සහ පරිසරය යන කාරනා ආවරණය වන පරිදි හොඳ පරිචයන් අනුගමනය කරන සේවායෝජකයින් ප්‍රදර්ශනය කිරීම සඳහා අපි මෙම ක්‍රමය යොදා ගන්නවා. මෙමගින් සේවායෝජකයින් හට තම පරිචයන් නීතියේ දක්වා ඇති සීමාවන් ඉක්මවා යාම අනිවාර්ය කරනවා.

ව්‍යවසායන්ට අද තිබෙන විශාලතම අභියෝගය වන්නේ වැඩීමට ඇති හැකියාව හා දරාසිටීමට ඇති හැකියාවයි. දරා සිටීමට ඇති හැකියාව ධනාත්මක් අනුගත වීම (Compliance Plus)පරිශ්‍රමයේ මුල කේන්ද්‍රයයි. සේවා නියුක්තියේ සියලු පාර්ශව කරුවන් දැන් ඔවුන්ගේ අවධානය ‘ජාතිය පළමුව න්‍යාය පත්‍රය” (Nation First Agenda) කෙරහි යොමු කිරීම වැදගත් වනවා. අපේ රටට වඩා යෝග්‍ය වන්නේ කුමක්ද, එය අප සියලු දෙනාට යෝග්‍ය වේ. ලෝක කම්කරු සංවිධානය රැකිරක්ෂා වල අනාගතය ගැන අවධානය යොමු කර සිටීම පිළිබඳව අපි ඉතා ධෛර්යමත් වනවා. ILOව අද කලයුත්තේ ILOව සාමාන්‍යයෙන් මෙතෙක් නොකර සිටි දෑ යයි ILO අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පසුගිය සතියේ ලෝක කම්කරු සමුළුවේ සේවායෝජක කණ්ඩායම අමතමින් කල ප්‍රකාශය ගැන අප විශේෂයෙන්ම සතුටට පත් වනවා.

සභාවේ සභාපති තුමියනි, මට මේ අවස්තාවේදී ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාටකයේ බ්රූටස් ගේ ප්‍රසිද්ධ කියමන සිහිවනවා: මම සීසර්ට අඩුවෙන් ප්‍රිය කරනවා නොවේ, නමුත් මම රෝමයට වඩාත් ප්‍රිය කරමි. ජනප්‍රිය දේ කිරීම ස්වාභාවිකය. එනමුත් එය අපේ රටේ වුවමනාව නියෝජනය නොකරනු ඇත. ILOව එහි ශත සංවත්සරයට කෙමෙන් ලඟා වනවාත් සමගම පලදායි සේවානියුකතියක් ශ්‍රී ලංකාව තුල ලඟා කරනු පිණිස එය අපට අවශ්‍ය කරන වුවමනාව හා හැකියාව අපට ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us