ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් IMF රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැහැ - රනිල්

Published in පුවත්
Thursday, 19 December 2024 16:52

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුලේ සිට කළ යුතු යැයිද ඔහු කීය.

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

"2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා.මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි. ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් අප දිරි ගන්වනු ලැබුවා. මේ නිසා අපේ ආර්ථික වර්ධන වේගය අද සියයට පහ දක්වා පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහා බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේද සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා. රටේ ධාරිතා භාවිතය තවත් වැඩි කරන්නට ක්‍රියා කළ සෙසු සියලු දෙනාටත් අප ස්තූතිවන්ත විය යුතුයි.

රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් අපට බදු ආදායම් ලෙස ලැබී තිබෙනවා. එයත් අපේ ආදායම වැඩි වෙන්නට හේතු වුණා.

මේ සියල්ල අපට කරන්නට හැකි වුණේ අයි.එම්.එෆ් සංවිධානය සමඟ තිබූ ගිවිසුම තුළයි. ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි. ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැහැ. එලෙස කළොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන්ම දෙසැම්බර් 20 වැනිදාට පෙර අප අලුත් ජාත්‍යන්තර බැඳුම් කූපන් නිකුත් කරන්නට යනවා. ඒ කටයුතු සියල්ල දැන් අවසානයි. අපට දැන් තිබෙන්නේ බංකොලොත් භාවයෙන් මිදුණු බවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි. ඉන් පසුව බැංකු වලිනුත් ඊට වුවමනා සහන පියවර ගන්නවා. ඒ සමගම ජනතාවට සහන දෙන්නත් වුවමනායි. අප මේ ගැන කලිනුත් කතා කළා. ඒ හැකි සහන කඩිනමින් දිය යුතුයි.

මේ වන විට බදු ගෙවීමේ තලය ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දහස දක්වා වැඩිකර තිබෙනවා.අපට කළ හැකි සංඛ්‍යාව එයයි.එය දෙලක්ෂයක සීමාවට ගැනීම සඳහා මමත් අයි.එම්.එෆ් සංවිධානය සමඟ සාකච්ඡා කළා. ඔවුන් ඒ සඳහා එකඟත්වය පළ කළේ නෑ. අප ඒ අනුව ක්‍රියා කොට ආර්ථික ශක්තිමත් වූ පසු තවත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතුයි. ආණ්ඩුව මේ වැඩසටහනේ සිටිය යුතුයි. මෙයින් පිටවෙන්න හැකියාවක් නැහැ. හොඳ කාලයේ මෙන්ම අමාරු කාලයේත් අප එතැන සිටිය යුතුයි.

විවේචනය කරන විට නිකරුණේ විවේචනය කිරීමෙන් ඵලක් නැති බව මා විපක්ෂයට කියනවා. විපක්ෂය කරන්නේ විවේචන බව මා පිළිගන්නවා. එය ප්‍රශ්නයක් නොවේ. සාමාන්‍යයෙන් විපක්ෂයක් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. එහෙත් එම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් ගිවිසුමේ රාමුව ඇතුළේ බව මතක් කරන්නට කැමතියි.මා කතා කළේ ඒ සුබ පණිවිඩය දෙන්නයි."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us