ආණ්ඩුව සති දෙකක් තුළ සහල් ආනයනයට පියවර නොගත්තොත් රට දැඩි අර්බුදයකට

Published in පුවත්
Wednesday, 04 December 2024 09:01

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය.

"දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් නැවත නැවත මේ අර්බුදයට යා හැකි වෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් මේ අර්බුදය යටපත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම කෙටි කාලීන විසඳුමක් ලෙස රජය විසින් ඉතා ඉක්මනින් විදෙස් රටවලින් සහල් ආනයනය නොකළහොත් මේ තත්ත්වය තුළ වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකිය."

ඔහු සඳහන් කළේ බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවය.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ කුඹුරු සඳහා වන්දි ලබාදීම වෙනුවට ඒවා යළි වගා කිරීමට පියවර ගතයුතු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පවසයි.

කෙසේ නමුත් වත්මන් රජය දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024‑12‑20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී.

 

-p.m

 

Last modified on Wednesday, 04 December 2024 09:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us