ජලාශ රැසක් වාන් දමයි -දැඳුරු ඔය ප්‍රචණ්ඩ වෙයි Featured

Published in පුවත්
Wednesday, 27 November 2024 09:01

දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ. සතුරා දිල්තාරා මහත්මිය පවසන්නේ, අද (27) අලුයම වනවිට දැඳුරු ඔය ජලාශයේ තත්ත්පරයට ඝන අඩි 32,145 ධාරිතාවයකින් ජලය මුදාහරින බවය.

මේ නිසාවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දිල්තාරා මහත්මිය සඳහන් කළාය.

මේ අතර රාජාංගණය ජලාශය තත්ත්පරයට ඝන අඩි 3,520කින් සහ කවුඩුල්ල ජලාශය තත්ත්පරයට ඝන අඩි 1,000ක ප්‍රමාණයකිනුත් ජලය මුදාහරින බව ඇය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම යාන් ඔය ජලාශය තත්ත්පරයට ඝන අඩි 6,099කින්, පරාක්‍රම සමුද්‍රය තත්ත්පරයට ඝන අඩි 5,046ක ධාරිතාවයකින් ජලය මුදාහරී.

මේ අතර මහවැලි ගඟේ පහත්බිම්වල ජීවත් වන ජනතාව ද මෙම ගංවතුර අවධානමේ පවතින නිසාවෙන් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම්දෙයි.

"මෙම වාරි ජලාශයන්හි වාන් දැමීමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ යාහැකි. එම නිසා ඒ පිළිබඳව පහත්බිම්වල වෙසෙන ජනයා දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා."

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us