කෙසේ නමුත් සිදු විය හැකි අනෙක් අර්බුද නොසලකා රජයට අවශ්‍ය නම් මේ ඉල්ලීම ලබා දීමේ හැකියාවක් පවතී. ඉදිරි මැතිවරණ සමයක් නිසා එය ලබා දීමේ දේශපාලන වාසියක්ද මේ මොහොතේ ආණ්ඩු පක්ෂයට ලබා ගත හැකිය.
කෙසේ නමුත් වැඩවර්ජිත වෘත්තීය සමිති වල ඉල්ලීම අනුව රුපියල් 25,000 ක දීමනාවක් ලබා දීමට, රජය අමතර රුපියල් බිලියන 420 ක් පමණ වැය කළ යුතුය.
රජයේ සේවකයන් 1,400,000 (මිලියන 1.4)
1,400,000 ඞ 25,000 = 35,000,000,000
මාසිකව අවශ්‍ය මුදල රුපියල් බිලියන 35 ක්
වසරකට අවශ්‍යය මුදල - 35,000,000,000 ඞ 12 = 420,000,000,000
රුපියල් බිලියන 420 කි.
මෙම අමතර රු.බි. 420 එකතු වීමෙන් පසුව මෙම වර්ෂයේ රජයේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 1900 කට ආසන්න මුදලක් රජයට වැය වේ.
2024 වසරේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3800 ක් පමණ වේ.
මේ ආදායම වෙනුවෙන් නව බදු පැනවීම් සහ බදු පදනම පුළුල් කිරීමේ වැඩසටහන් සිදු කර ඇත. නමුත් රාජ්‍ය වියදම රු.බි. 5,000 කට ආසන්නය.
ඒ අනුව රාජ්‍ය වියදම් සපුරාගැනීමට ණය වීම හෝ මුදල් අච්චු ගැසීම හැර වෙන විකල්ප රජය සතුව නොතිබිණි. නමුත් මේ වන විට එම විකල්ප දෙකට යෑම කළ නොහැකිව තිබේ.
මේ නිසා රාජ්‍ය වැටුප් වැඩි වීමක් සිදු කරන්නේ නම් අපේක්ෂිත රාජ්‍ය ආදායම කොහොමටවත් ප්‍රමාණවත් නැත. මෙම වසරේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3800 ක ඉලක්ක සපුරාගැනීමත් අවිනිශ්චිතය. පසුගිය වසරේදීත් අපේක්ෂිත බදු ආදායමෙන් රු.බිලියන 500 ක් පමණ ලබා ගැනීමට හැකි වූයේ නැත.
එහෙත් රජයට ආදායම් සොයාගත හැකි විකල්ප ක්‍රම තිබේ.
- 25,000 දීමනාව ලබාදීම වෙනුවෙන් වැට් බදු වැඩි කරන්නේ නම්, දැනටත් පවතින ඉහළ අගය වන 18%, එය 24% දක්වා වැඩි කිරීමට සිදු කළ හැකිය.
- දැනට පවතින ව්‍යාපාරික ආදායම් ආදියෙහි බදු ප්‍රතිශත වැඩි කළ හැකිය.
- උපයන විට බදු ආදායම් ප්‍රතිශතය ප්‍රමාණය වැඩි කිරීම හෝ බදු ආරම්බක වැටුප් තලය වන රුපියල් ලක්ෂයේ සීමාව එතැනින් රු. 50,000 කට පමණ පහළට ගැනීම සිදු කළ හැකිය.
- ආදායම් උපදවන සෑම ක්ෂේත්‍රයකටම නව බදු වර්ග පැනවීම් සිදු කිරීම කළ හැකිය.
- වත්කම් වලට බදු ගැසිය හැකිය.
- අධිපාරිභෝජනයට බදු ගැසිය හැකිය. මෙවැනි යෝජනා තවත් රැසක් තිබේ.
එහෙත් රජය එලෙස කළහොත් ගැටළුව විසඳෙයිද?
බදු ආදායම් ඉහළ දමා ගැනීමේ පියවරයන් තුළින් රාජ්‍ය සේවකයාගේ ඉල්ලීම ලබා දිය හැකි නමුත් රාජ්‍ය සේවකයා ද ඇතුළුව රටේ සමස්ථ ජනතාවම යළි නැවත වටයකින් ආර්ථික සමාජීය පීඩාවන් රැසකට ගොදුරු වීම ආරම්භ වෙනු ඇත.
භාණ්ඩ හා සේවා මිළ ඉහළ යෑම මුලිකව සිදු වෙනු ඇත, සමාජය තුළ මුදල් සංසරණය වැඩි වීම නිසා අධි පාරිභෝජන තත්වයක් ඇතිවී තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ඉහළ යෑම වේගයෙන් වැඩි වීමත් සිදු වෙනු ඇත. භාණ්ඩ හිඟයක් ඇති වෙනු ඇත. විශේෂයෙන් ආනයනික භාණ්ඩ හිඟයන් ඇති වෙනු ඇත. ඒ වෙනුවෙන් රජයට නැවත විදේශ විනිමය සෙවීමට සිදු වෙනු ඇත. විදේශ ණය ගැනීමට සිදු වෙනු ඇත. වැඩි පොලියට ස්වෛරී බැඳුම්කර වැනි වානිජ්‍ය ණය ගැනීම සිදු වෙනු ඇත. නැවත ණය උගුලක රට පැටලෙනු ඇත. බැංකු පොලී අනුපාතයන් ඉහළ යෑමද සිදු විය හැකිය. ව්‍යාපාර කර්මාන්ත කඩා වැටීම ද ආරම්භ වෙනු ඇත. රැකියා අහිමි වීම සිදුවෙනු ඇත...කෙලවරක් නැති අර්බුදයයන්ට රට මුහුණ දෙනු ඇත.
මේ අනුව 2022 අර්බුදයට වඩා කිහිප ගුණයකින් වන දැවැන්ත අර්බුදයකට නැවත වටයකින් රටට මුහුණ දීමට සිදුවීම අහම්බයක් වන්නේ නැත.
නැවන මිනිස්සු පාරට බසිනු ඇත. අරගල කරනු ඇත. පාලකයනුත් පන්නනු ඇත. අලුත් පාලකයන්ද පත් කරගනු ඇත. නමුත් ඇත්ත ප්‍රශ්නය විසඳෙන්නේ නැත. අවුරුදු 76 ක් තිස්සේ මේ චක්‍රය මේ විදිහටම සිදු විය.
මේ නිසා, රු. 25,000 ක දීමනාවක් රාජ්‍ය සේවකයාට ලබාගැනීම ඔවුන්ගේ සතුටට හේතුවක් වුවද එය වැඩි දවසක් තියෙන්නේ නැත. ලැබෙන වාසිය ලොකු අවාසියක් වීම වනු ඇත.
බරපතලම දේ රාජ්‍ය සේවයෙහි නොවන මිලියන 20 කට වැඩි ජනතාවක් මේ නිසා දුකට පීඩාවට පත්වීමය.
රජය මේ මොහොතේ තීන්දු ගන්නේ රාජ්‍යයේ ආදායම් හිඟය ගැන පමණක් කල්පනා කර නොවේ. මේ මිලියන 20 ක ජනතාවගේ හෙට දවස ගැනත් දූරදර්ශීව ලෙස කල්පනා කරමින්ය.
රාජ්‍ය සේවකයන්ට මේ මොහොතේ වැටුප් හෝ දීමනා වැඩි නොකිරීමට ගත් තීන්දුව රටේ බහුතර ජනතාව වෙනුවෙන් ගත් ජනතාවාදී තීන්දුවක් ලෙස සැලකිය හැකිය.