ඩී.පී. එඩියුකේෂන් වෙතින් මඩකළපු දිස්ත්‍රික් දූවා දරුවන්ට දැවැන්ත තිළිණයක්   Featured

Published in පුවත්
Tuesday, 21 May 2024 13:58

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ තවත් අයි.ටී. කැම්පස් 03ක් මඩකළපුව දිස්ත්‍රික්කයේදී (20) දින එහි නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණි.


ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුලසලතාවයන් වර්ධනය කිරීමත් අරමුණු කර ගනමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
එපමණක් නොව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ ඉලක්කය ද ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බවත් හෙතෙම පවසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක පරිගණක පාඨමාලාවක වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වන බවත් එය සම්පූර්ණයෙන්ම නොමිලයේ දැයේ දූවා දරුවන් වෙත ලබාදීමට ඔහු විසින් කටයුතු කරන බවත් පවසා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේරා මෙසේද පැවසීය.

“අපේ දුප්පත්කම නැති කරන්න පුළුවන් එකම එන්නත තමයි අධ්‍යාපනය. අපි අපේ දරුවන්ට නිවැරදි අධ්‍යාපනය ලබා දුන්නොත් අපේ දුප්පත් කම නැති කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අධ්‍යාපනයෙන් පොහොසත් වුණු කිසිම පවුලක් දුප්පත් නැහැ. මොකද කියනවනම් හරි අධ්‍යාපනය ලබා ගෙන තියෙනවනම් මුදල් හොයන්න ඕන තරම් මාර්ග ඒ අධ්‍යාපනය තුල තියෙන නිසා. ලංකාවටම එක හා සමානව ඉගෙන ගන්න පුලුවන් තැනැක් තමයි ඩී.පී. එඩියුකේෂන් කියන්නේ. ඒ අධ්‍යාපනය තියෙන්නේ අම්මගේ හෝ තාත්තගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය තුල. ඒක හරියට පාවිච්චි කරන විදිය දැනගත්තනම් සියලුම විෂයන්ට අදාල ඉගැන්වීම් ඩී.පී. එඩියුකේෂන් යෙදවුම තුල තියෙනවා. ඩී.පී.එඩියුකේශන් එකේ උගන්වන්නේ ශ්‍රී ලංකාවෙ ඉන්න හොඳම ගුරුවරු කියලත් මම කියනවා. ඒවගේම මම අද මේ විවෘත කරන ඩී.පී. එඩියුකේෂන් අයි.ටී කැම්පස් වලින් ලෝකයට අවශ්‍ය දැනුම ඉගෙන ගන්න පුලුවන්. මේ එක් පාඨාමාලාවක් අවසන් කරන්න එක් අයෙකුත් රුපියල් ලක්ෂ 25ක් යනවා. ඒ ගානට කෙනෙක් පාඨමාලාවක් අවසන් කරනවා කියන්නේම ඒ පුතා හෝ දුව පොහොසත් කියන එකයි. එතකොට ඒවගේ දරුවෙක් ඉන්න පවුලක් දුප්පත් කියල අපිට සලකන්න බැහැ”


“ලෝකයේ දියුණු වුණු හැම රටක්ම අධ්‍යාපනයෙන් තමයි දියණු වෙලා තියෙන්නේ. මට තේරිල තියෙනව අධ්‍යාපනයෙන් තමයි රට ගොඩදාන්න පුලුවන් කියල. ඒකයි මම මගේ පෞද්ගලික ධනයෙන් දැයේ දුවා දරුවන්ට නොමිලයේම අධ්‍යාපනය ලබා දෙන්නේ. අධ්‍යාපනය නැමති කුළුණෙන් තමයි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් වෙන්නේ. අපි අධ්‍යාපනය කියනකොට පාසල් අධ්‍යාපනය ගැන විතරක් නෙවෙයි හිතන්න ඕන. පෙර පාසල් අධ්‍යාපනයත්, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපනය ගැනත් අපි හිතල වැඩ කරන්න ඕන. අධ්‍යාපනය නැමති මේ එන්නතෙන් අපේ ළමයින්වයි, රටයි ගොඩ ගන්න ක්‍රියාවලියට එකතු වෙන්න කියල මම ඉල්ලීමක් කරනවා” යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us