ප්‍රශං­ස­නීය සාර්ව ආර්ථික ප්‍රති­පත්ති හේතු­වෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථික වර්ධ­න­යක් - IMF

Published in පුවත්
Saturday, 18 May 2024 14:33

අභි­යෝ­ගා­ත්මක හා අසීරු අව­ස්ථා­වක පැවති ශ්‍රී ලංකා ආර්ථි­කය යළි නඟා­සි­ටු­වී­මට ගෙන ගිය ප්‍රශං­ස­නීය සාර්ව ආර්ථික ප්‍රති­පත්ති හේතු කොට­ගෙන මේ වන විට වේග­වත් උද්ධ­ම­නය අඩු වීම සහ ස්ථාවර ආර්ථික වර්ධ­න­යක් ඉස්මතු කර ඇතැයි ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ සන්නි­වේ­දන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහ­ත්මිය පැව­සු­වාය.

 

වොෂි­න්ටන් ඩීසීහි පෙරේදා (16) පැවති මාධ්‍ය හමු­වක් අම­ත­මින් අධ්‍ය­ක්ෂ­ව­රිය මේ බැව් සඳ­හන් කළාය.

එහිදී ජූලි කොසැක් මහ­ත්මිය පැව­සුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියා­කා­රි­ත්වය සම්බ­න්ධ­යෙන් සාර්ව ආර්ථික ප්‍රති­පත්ති ඵල­දැ­රී­මට පටන් ගෙන ඇති බවයි. උද්ධ­ම­නය ශීඝ්‍ර­යෙන් පහත වැටීම, ශක්ති­මත් විදේශ නිල සංචිත සහ මූල්‍ය පද්ධ­තියේ ස්ථායි­තාව රැක­ග­නි­මින් ආර්ථික වර්ධ­නයේ ආර­ම්භක සල­කුණු සට­හන් ප්‍රශං­ස­නීය ප්‍රති­ඵල අතර වේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමග ඇති කර­ගෙන තිබෙන එක­ඟතා මුල් කර­ගත් සමස්ත වැඩ­ස­ට­හ­නෙහි කාර්ය සාධ­නය ශක්ති­මත් වී ඇතැ­යිද ඇය පැව­සු­වාය.

අවු­රුදු හත­රක EFF සහය දක්වන මේ වැඩ­ස­ට­හන සහ 2024 වග­න්තිය IV උප­දේ­ශ­නය පිළි­බඳ දෙවැනි සමා­ලෝ­ච­නය අව­සන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩ­ලය සහ ශ්‍රී ලංකා බල­ධා­රීන් ආර්ථික ප්‍රති­පත්ති පිළි­බඳ කාර්ය මණ්ඩල මට්ටමේ එක­ඟ­තා­ව­කට පැමිණ තිබෙන බවද ඇය මෙහිදී පැව­සු­වාය. IMF කළ­ම­නා­කා­රි­ත්වය විසින් මේ සමා­ලෝ­ච­නය අනු­මත කර IMF විධා­යක මණ්ඩ­ලය විසින් සම්පූර්ණ කරන ලද පසු, ශ්‍රී ලංකා­වට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 337ක පමණ මූල්‍ය­ක­ර­ණ­ය­කට ප්‍රවේ­ශය ලැබෙනු ඇතැයි ජූලි කොසැක් මහ­ත්මිය මෙහිදී විශ්වා­සය පළ කළාය.

IMF සන්නි­වේ­දන අධ්‍ය­ක්ෂ­ව­රිය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේ IMFහි විධා­යක මණ්ඩ­ලය විසින් සමා­ලෝ­ච­නය සම්පූර්ණ කිරීම සඳහා කරුණු දෙකක් අවශ්‍ය වන බවයි. එකඟ වූ පූර්ව ක්‍රියා­මා­ර්ග­වල අධි­කා­රිය විසින් ක්‍රියා­ත්මක කිරීම සහ මූල්‍ය සහ­තික සමා­ලෝ­ච­නය සම්පූර්ණ කිරීම ඒ අතර වේ.

මෙම­ඟින් බහු­පා­ර්ශ්වික හවු­ල්ක­රු­වන්, මූල්‍ය දාය­ක­ත්වය සහ මූල්‍ය සමා­ලෝ­ච­නය මගින් ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම සමඟ ප්‍රමා­ණ­වත් ප්‍රග­ති­යක් තක්සේරු කරනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය. ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් මීළඟ පිය­වර වන්නේ බාහිර පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ සාකච්ඡා අව­සන් කිරීම සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් ගිවි­සුම් ක්‍රියා­ත්මක කිරීම බව අධ්‍ය­ක්ෂ­ව­රිය වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළාය.

දේශීය ණය මෙහෙ­යුම් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති අතර, බාහිර බැඳු­ම්කර හිමි­යන් සමඟ මූලික ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ සාකච්ඡා ගිවි­සු­ම­කින් තොරව අප්‍රේල් මැද භාග­යේදී අව­සන් වූ බවද ඇය කීවාය.

ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට පැමි­ණීමේ අර­මු­ණින් සාකච්ඡා දිග­ටම පව­ත්වා­ගෙන යන අතර නිල ණය­හි­මි­යාගේ පැත්තෙන් මේ ප්‍රති­ප­ත්ති­මය ගිවි­සුම් අව­සන් කිරී­මට අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.

 

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us