නියමිත වෙලාවට ජන්දය තියෙනවා : මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක් !

Published in පුවත්
Friday, 29 March 2024 16:36

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව තම ස්ථාවරය බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි සෑම අවස්ථාවකම රට සංවර්ධනය වී ඉදිරියට ගිය බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය දුර්වලවූ අවස්ථාවේ රට බංකොලොත් වූ බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා මෙසේද පැවසීය.

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබෙනවා. මෙහිදී රට ගැන හිතලා කිව්වොත් රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව මගේ ස්ථාවරයයි. ජනාධිපතිවරණයක් හරහා තමයි රටේ ඉදිරි අනාගතය කොයි ආකාරයට සකස් වන්නේ යන්න තීරණය වෙන්නේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එළඹෙන ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුයි. එය නියමිත වෙලාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කරයි. නමුත් දිනය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම විසිනුයි. ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ස්ථිර ලෙසම සිදුවන බව කිවයුතුයි.

රට පසුගිය සමයේ තිබු තත්වයට සාපේක්ෂව හොඳ තැනකට පත්ව තිබුණත් ජනතාවට තවමත් දුෂ්කරතා තිබෙනවා. ඒ සත්‍ය අපි වසං කළ යුතු නෑ. නමුත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියත්කර ඇති රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථක බව ප්‍රායෝගිකව ඔප්පුවී තිබෙනවා. ඒ අනුව මේ වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට යාමෙන් මේ පවතින දුෂ්කරතා අවම කරගන්නට හැකියාව ලැබෙනවා.

යමක් කඩා බිඳ දැමීම පහසුයි. ඊට ගතවන්නේ ඉතාම සුළු කාලයක් පමණයි. නමුත් යමක් ගොඩනැගීමට කාලයක් ගත වෙනවා. එහිදී දුෂ්කරතා මතුවෙනවා. මේ තත්වය තමයි ආර්ථිකය සම්බන්ධවද මතුව තිබෙන්නේ. රට බංකොලොත්වීම පහසුවෙන් සිදුවුණා. ඇතැමුන් ජනාධිපතිවරයාට චෝදනා කරනවා. එතුමා කළ වැරැද්ද බංකොලොත් වූ රට යලි ගොඩනැගීමද කියලා ප්‍රශ්න කල යුතුයි.

මේ වන විට විවිධ සන්ධාන හැදෙනවා. ඇතැම් සන්ධාන බිඳ වැටෙනවා. එළඹෙන මැයි දින සැමරුම හරහා අපි එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම්. අපි පක්ෂයක් ලෙස මේ වන විට අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න සූදානමින් ඉන්නේ. පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ ආයෙත් පක්ෂයට එකතුවීමට සාකච්ඡා කරමින් සිටිනවා. මේක එක්සත් ජාතික පක්ෂය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වුණා. රට ඉදිරියට ගියා. නමුත් එක්සත් ජාතික පක්ෂය දුර්වලවූ අවස්ථාවේ රට බංකොලොත් වුණා. ජනතාව ඒ ගැන දැනුවත්. මේ මොහොතේ පවා රට ගොඩනැගීමට නායකත්වය දී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. ඒ වගේම පුළුල් සන්ධානයක් අපිත් නිර්මාණය කරගෙන යන්නේ. ඒ නිසා ඔය දැන් හදන සන්ධාන ගැන කලබල විය යුතු නෑ. අපි වෙලාව ආවහම අපේ සන්ධානය පෙන්වන්නම්. එය වැඩ කරන සන්ධානයක්. රට හදන සන්ධානයක්. රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න විදිහක් නැති පාර්ශව සමඟ සන්ධාන හදලා තේරුමක් නෑ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලටද පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

දැන් බලන්න අර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නින්දෙන් නැගිටලා වගේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු දැන්ද මහ මොලකරු සොයාගෙන තියෙන්නේ ? පාස්කු ප්‍රහාරය කියන්නේ අතිශය මිලේච්ච වගේම ඉතාම සංවේදී කාරණයක්. ඇයි ඔහු බලයේ සිටින විට මේ මහ මොලකරු සොයන්න උනන්දු නොවුණේ ? ජනාධිපති ධූරයෙන් ගියාට පස්සේද මහ මොළකරු හොයා ගත්තේ ? මේ වගේ හිතුමතේ ප්‍රකාශ සිදුකිරීම කොච්චර අමානුෂිකද ? මගේ නම් අදහස මේ වගේ කාරනා සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන. අවුරුදු පහකට වඩා පහුවු සිදුවීමක් ගැන දැන් එකපාරට විවිධ කතා කියන්න අරගෙන., බෞද්ධ , හින්දු, කතෝලික , මුස්ලීම් ජන්ද වලට ආමන්ත්‍රණය කරන මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ඕන.

මේ වෙනකොට රට ගැන ආයෝජකයන්ට සුභවාදී අදහසක් පැමිණ තිබෙනවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් වර්ධනය වෙමින් තිබෙනවා. ණය හිමියන් පවා රට ගැන විශ්වාසය ඇතිකරගෙන තිබෙනවා. ඒ හමුවේ පළපුරුද්දක් නැති , දැක්මක් නැති උදවිය මේ ඇතිකරගන්නා එකඟතා , ගිවිසුම් සංශෝධනය කරන බවට විවිධ කතා කියනවා. නමුත් ඒවා කතා විතරයි. ඔය කවුරුත් කතා කළාද රට බංකොලොත් වෙන්න යනකොට. කවුද ඒ බව දැක්කේ. කිසිම කෙනෙක් ඒ ගැන කතා කරේ නෑ. රට බංකොලොත් වූ අවස්ථාවේ රට ගොඩනගන්න කලයුතු දේ කිව්වෙත් නෑ. දැන් රට ඔලුව ඉස්සුවට පස්සේ විවිධ කතා කියනවා. ඒ ගැන ජනතාව තීන්දුව අරගනියි.

පසුගිය සමයේ මහ බැංකුව පිළිබඳව මම සිදුකළ ප්‍රකාශ නිවැරදි බව මේ වෙනකොටත් ඔප්පුවී තිබෙනවා. ඒ ප්‍රකාශ සිදුකළේ කුහක කමින් නෙවෙයි. රටේ මූල්‍ය විනයක් අවශ්‍යයි වගේම ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන උදවියත් විනයක් ඇතුව කටයුතු කළ යුතුයි. රාජ්‍ය අංශයේ සියලු දෙනාට වැටුප් වැඩිවීමක් ලබාදීමට නොහැකි බව පවසා තිබියදී මහ බැංකුව විතරක් කොහොමද වැටුප් වැඩිකර ගන්නේ . එය අසාධාරණයක් වගේම අමානුෂික බවයි මම කිව්වේ. දැන් ඒ අයටත් ඒ බව පිළිගන්න සිද්ධවෙලා තිබෙනවා.

මහ බැංකුවේ විතරක් නෙවෙයි විශේෂඥ දැනුම ඇති අය ඉන්නේ , තවත් ආයතන වල එවැනි පිරිස් ඉන්නවා. ඔවුන්ටත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. අනෙක් උදවියටත් අවශ්‍යයි . නමුත් මේක ඒ සඳහා වෙලාව නෙවෙයි නම් , මහ බැංකුවට කියලා විශේෂයක් තිබිය නොහැකියි . ඔන්න එතකොට පෙනෙනවා කවුද කුහක ලෙස වැඩකර තිබෙන්නේ කියලා .

මේ වෙනකොටත් රුපියලේ අගය ඉහළ ගිහින්. එය කෘතිම ලෙස පාලනය කිරීම නරකයි. මේවායේ ප්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට ලැබෙනවා. නමුත් තවමත් අවධානමක් තිබෙන නිසා , පරිස්සමෙන් කටයුතු කළ යුතුයි . ආදායම් ඉහළ දැමීමට වගේම වියදම් පාලනය කරගත යුතුයි. වසර කිහිපයක් තුළ මේ රට හොඳ තැනකට ගන්න පුළුවන් .

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us