ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයක දීය. එම මූලද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත්තේ ද රජරට විශ්ව විද්‍යාලයටය.
ජෙට් සහ ගුවන් යානාවලට අවශ්‍ය අතිශය දුර්ලබ සර්කෝනියම් අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට මෙම මුලද්‍රව්‍ය භාවිතා කල හැකිය.
ආවර්තිතා වගුවේ 40 වැනි මූලද්‍රව්‍ය වන සර්කෝනියම් ඉතා දැඩි උෂ්ණත්වයකට පවා ඔරොත්තු දිය හැකි මූලද්‍රව්‍යයක් වන අතර මෙම මුලද්‍රව්‍යය උපයෝගී කරගනිමින් ජෙට් සහ ගුවන් යානා එන්ජින්,සෙරමික්,බල්බ පිලමන්ට් නිෂ්පාදනය සිදුකෙරෙයි.
අස්ථි සැක්කම් සහ දන්ත සැත්කම් ආදිය සඳහාද සර්කෝනියම් උපයෝගී කරගනු ලබන බව සඳහන්.
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සර්කෝනියම් මූලද්‍රව්‍යය සොයාගෙන නොතිබූ අතර රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් සොයා ගැනීමට සමත් වී ඇත.