පිරිමි ළමුන් වෙනුවෙන් අලුත් නීතියක්. පන්සලේ සෙල්ලමටත් තහංචි

Published in පුවත්
Sunday, 18 February 2024 16:55

පිරිමි ළමුන්,ලිංගික හිංසනයට ලක් කිරීම අපරාධයක් බවට පත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ගැසට් කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා, සංශෝධන හඳුන්වා දීම පිණිස 2021-01-18 දින සහ 2021-06-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි අදාළ ගැසට් පත්‍රය පෙබරවාරි 13 වැනිදා නිකුත් කර ඇති බව වාර්ථාවේ.

මීට පෙර කාන්තාවන් සම්බන්ධ අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ අවස්ථා වලට සීමා වූ, වගන්ති වලට පිරිමි ළමයින් ද ඇතුළත් කිරීම සඳහා එහි යෙදුම දීර්ඝ කර ඇත. මේ අනුව ස්ත්‍රී දූෂණය පිළිබඳ නිර්වචනයට, පිරිමි දරුවන් ද ඇතුළත් වන පරිදි පුළුල් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්ති සංශෝධන සිදුවේ.

පිරිමි ළමයින් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් කොතෙකුත් චෝදනා තිබුණද පවතින නීතියේ හිඩැස නිසා චූදිතයන් නිදහස් වීම් වාර්තා වී තිබිණි. විශේෂයෙන්ම පසුගිය කාල වල පන්සල් වැනි පූජක ස්ථාන වල කුඩා පිරිමි ළමුන් ලිංගික අපයෝජනය වලට ගොදුරු වූ අවස්ථා වැඩි වශයෙන් වාර්ථා වී තිබිණි.ඒ අනුව පවතින නීතිමය හිඩැස් නිවැරදි කිරීමේ තීරණාත්මක පියවරක් මෙම සංශෝධනයෙන් සනිටුහන් කරයි.

මෙම නව නීතිය අනුව වයස අවුරුදු 22 අඩු පිරිමි ළමුන් සඳහා බලපවත්වන අතර අවුරුදු 16 අඩු පිරිමි ළමුන් සඳහා කැමැත්ත සහිතව සිදුවන සම්බන්ධතාවයන්ද නීති විරෝධි වනු ඇත. එමෙන්ම අවුරුදු දහසයකට අඩු වින්දිතයා අතර සමීප සබඳතාවක් පැවති බව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති අවස්ථාවලදී අවම දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාව ලබා දී ඇත.

ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පුළුල් නීතිමය ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් 2021 දී ඉදිරිපත් කරන ලද යෝජනාවකින් මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

යෝජිත වෙනස්කම් මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළ නීතිවල පවතින දුර්වලතා නිවැරදි කිරීමට පමණක් නොව පිරිමි ළමයින් දූෂණය කිරීම සඳහා සාපරාධී වරදක් ද ස්ථාපිත කිරීම මෙමගින් සිදු කරයි.
මේ වන විට පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගෙන ඇති අතර, නෛතික සහජීවනය සහ ව්‍යවස්ථාපිත මූලධර්ම පිළිපැදීම සහතික කර ඇත.

පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමැතිය ලබා දී ඇත.

සංශෝධන, බලාත්මක වීම, ලිංගික හිංසනයට එරෙහිව වඩාත් ආරක්ෂිත පරිසරයක් පෝෂණය කරමින් රටේ නීතිමය ක්ෂේත්‍රය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us