ශ්වසන රෝග, කෝවිඩ් මදිවට ඩෙංගුත් පැතිරේ...

Published in පුවත්
Thursday, 28 December 2023 14:32

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා මෙසේ පැවසීය.

"පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, රෝග කිහිපයක් පැතිරුණා. විශේෂයෙන්ම වෛරස් උණ රෝග. මෙතැනදී රෝග ලක්ෂණ විදියට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, හිසරදය වැනි රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. පරීක්ෂා කරලා බැලුවහම සමහර උණ රෝග ඉන්ෆ්ලුවෙන්සා A හෝ B. ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නම් අපි දැක්කේ නෑ. හැබැයි ළමයි දෙන්නෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක්ට ඉන්ෆ්ලුවෙන්සා. ඊට අමතරව උණ රෝග ගැන කියද්දි පාචන රෝගීන් කිහිපදෙනෙක් ඉන්නවා. වමනය, බඩඑළිය යෑම, උණ හා බඩේ කැක්කුම තමා අපි දැක්කේ. වෛරස් රෝග කිහිපයක් තියෙනවා. ඒ වගේම ළමා හතිය හා ඩෙංගු රෝගීන් අපි බහුලව දකිනවා."

"රෝග ලක්ෂණ තියෙන අය, මුඛ ආවරණ තවදුරටත් පලඳින්න. ප්‍රතිශක්තිකරණය අඩු අය විශේෂයෙන් අවුරුදු 2ට අඩු දරුවෝ, අවුරුදු 60ට වැඩි වැඩිහිටියෝ, දියවැඩියා රෝගීන්, නිදන්ගත රෝග තත්ත්වයන් පවතින ශ්වසන හා පිළිකා රෝගීන් ද මුඛ ආවරණ පලඳින්න. එහෙම නැත්නම් ඒ අයට ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග පැතිරෙන්න පුළුවන්..."

වෛරස් උණ රෝගයන්ට අමතරව රටවල් කිහිපයක පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ද විවිධ රෝගාබාධවලින් පෙලෙන පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම වැදගත් වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  සඳහන් කළේය.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින්  ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් ඉදිරි කාලය තුළ අපේක්ෂා කළ හැකි බව  පවසයි.

Last modified on Thursday, 28 December 2023 15:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us