අස්වැසුමට අස්වැසිල්ලක්...

Published in පුවත්
Monday, 13 November 2023 15:27

මෙවර අය වැයෙන් සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන තුන් ගුණයකින් ඉහළ නැංවීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්.

මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60 ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183 ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2 කට සහන සැලසෙනවා.

අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.

සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.

ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50 ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000 ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමගින් පුද්ගලයන් 530,000 කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.

පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138 ක් වෙන් කරනවා.

සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.

අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.

ගර්භනී මව්වරුන් වෙත රුපියල් 4,500 ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.

Last modified on Monday, 13 November 2023 16:12

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us