එක්සත් ජනපද ගොවිපළවල් AI සහය ගනියි

Published in විදෙස්
Thursday, 11 April 2024 14:42

අමෙරිකාවේ ගොවිපොලවල් ආශ්‍රිත කටයුතු කඩිනම් සහ පහසු කිරීම සඳහා AI තාක්ෂණය යොදාගැනීමට පියවර ‌ගෙන තිබේ.

එය ලෝකය පෝෂණය කිරීමට උපකාරී විය හැකි බවට අමෙරිකාව පුරෝකථනය කරන අතර එරට ගොවීන් AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් වේගයෙන් සීසෑම, පැලවලට ජලය ඉසීම සහ පොහොර යෙදීම වැනි වගා කටයුතු මේ වන විටත් සිදුකරන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය තරමක් සංකීර්ණ බව පෙන්වා දුන් ගොවීන් සඳහන් කර ඇත්තේ කෙසේ වුවත් ගොවිපොල ආශ්‍රිත කටයුතු සඳහා නවීන තාක්ෂණය අවශ්‍ය වන බවයි.

ඇමරිකානු ගොවීන් සීසෑම පමණක් නොව ගොවීන්ට සිය ගොවිතැනෙහි සිටින පළිබෝධකයින් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමටද මෙම කෘතිම බුද්ධිය හරහා හැකිවනු ඇත

ඇමරිකන් මිඩ්වෙස්ට් හි සශ්‍රීක හරිත කෙතක සිටි ගොවියෙකු ඔහුගේ සෝයා බෝංචි පැළයක පත්‍රයක බඩගා යන පළිබෝධකයෙකුගේ ඡායාරූපයක් සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ගෙන පසුව එය AI මඟින් ක්‍රියාත්මක වන වැඩසටහනකට යොමුකර තිබෙනවා.

එහිදී ඔහුට ඊට අදාළ සියළු තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරයක් ලැබි තිබේ. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ කෘෂිකර්මයට මෙම තාක්ෂණය නව්‍යතාවයක් ලෙසත් එය ඉතා වැදගත් බවය.

කෙසේ වෙතත් මේ වන විට කෘෂිකර්මාන්තය පුරා කම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙන නිසා ලෝකය පෝෂණය කරන ආහාර පද්ධති පවත්වා ගෙන යාමට මේ වනවිට ප්‍රමාණවත් තරම් ශක්තිමත් දෑත් නොමැති බවත් එවන් මොහොතක මෙම තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතු බවත් ඔවුන් සදහන් කර ඇත.

Last modified on Thursday, 11 April 2024 14:44

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us