මර්දනයේ පළමු වෙඩිල්ල සිරිසේනටය... ඒ වහලා පළමුව විනාශ වනු ඇත Featured

Monday, 05 November 2018 22:43

රටේ දේශපාලන තත්වය එන්න එන්නම අර්බුදයට ලක් වෙමින් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය දිනා ගත් පොදු අපේක්ෂකයාගේ දියෙන් කිරි වෙන් කර ගත හැකි හංස කණ්ඩායම අද විශ්වාසය පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ පා සිටියි.

එදා රාජපක්ෂගේ බල ලෝභී පාලනය විවේචනය කළවුන් පොදු අපේක්ෂකයා වටා අත්වැල් බැඳ ගත්තේ පොදු අරමුණක් කෙරෙහි වගවීමේ ඒකායන බලාපොරොත්තුව ඇතිවය. පොදු අපේක්ෂකයා සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාගේ ආරක්ෂාව අනතුරේ විය. ඒ සියල්ලෝම ජීවිත පරිත්‍යාගයෙන් සිය සටන අතනොහැර දියත් කළෝය.

එදා පොදු අපේක්ෂකයාට කතා කිරීම වේදිකාවක් නැති විය. රැස්වීම් පවත්වන ස්ථානවලට පහර දීම් සිදු කරනු ලැබිණ. කිසිදු මාධ්‍ය ආයතනයක් පොදු අපේක්ෂකයා වෙනුවෙන් කතා නොකළේය. ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබුණේ සමාජ මාධ්‍ය ජාලයම පමණි. රාජපක්ෂගේ කල්ලිය ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළේ අද ඊයෙක සිට නොවේ. තමන්ව බලයට ගෙන ආ ගැහැණියගේ දියණියට පයින් පාරක් ගසා වෙරිමරගාතේ පරුෂ වචන දෙසා බෑ රාජපක්ෂ අද ගොට්ලර් ලෙස හඳුන්වන සොයුරු ගෝඨාභය ගේ ඉල්ලීම පිට හොරගොල්ල වලව්වෙන් පිටව ආවේ කෙළෙහිගුණ හොඳට පෙන්වමිනි. ඒ අතීතයට තවත් කරුණු එකතු කළ හැකිය.

විසම්මුතියේ නිදහස අපයෝජනය වීම

රාජපක්ෂ රෙජීමය විසින් ලංකාවේ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරනු ලැබීම හුදු මාධ්‍ය නිදහස මර්දනය පිළිබඳ කරුණක්ම නොවේ. සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය, දේශපාලන පළිගැනීම්, නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීම, සිවිල් සමාජයේ කටයුතු මිලිටරීකරණයට ලක් කිරීම රාජපක්ෂ ඇජෙන්ඩාවේ ලියැවී තිබුණු කාරණාය. මර්දනයේ බියෙන් සලිත වූ ජනතාවක් සිටි රටක සිය රුචි අරුචිකම් පවසන්නට හෝ නිදහසක් එදා තිබුණේ නැත. මැති ඇමතිවරුන්ගේ සියලු දුරකතන පටිගත කර තිබුණි. යන එන තැන් සෙවීමට ඔත්තුකරුවන් දමා තිබුණි. රාජපක්ෂ ගැන ලියූ මාධ්‍යවේදීන් මහා දවාලේ ඝාතනය කෙරුණි. ඇතැමුන් අතුරුදන් විය. විශ්ව විද්‍යාල සිසුන් හදිසි අනතුරුවලට ලක් වූයේ අසාමාන්‍ය විදියටය. රාජපක්ෂ පවුල් ගසේ අතු සෙළවූ ක්‍රීඩකයන්, සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් එකා දෙන්නා ඝාතනය විය. මෙවැනි සමාජ තත්වයක් තුළ තමන්ගේ ළඟ සිටින මිනිසා ව හෝ විශ්වාස කළ නොහැකි තරම් විය. විසම්මුතියේ නිදහස බරපතල ලෙස අපයෝජනය වන්නේ මේ විදියටය.

පොදු අපේක්ෂකයා ගැන වූ අපේක්ෂාව.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අපගේ අභිලාෂයන් දිනා ගැනීමේ සටන දිගු කාලීන එකක් වීමේ අවදානම උග්‍ර වෙමින් පවතියි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙසින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණ ඇතිව පොදු අපේක්ෂකයා කරළියට ආවේය. මේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන පක්ෂ භේද, මතවාද පසෙකට ලා එක් පුළුල් පෙරමුණකට පැමිණියේය. පොදු යහපත වෙනුවෙන් තම ලාභාපේක්ෂාවන් තාවකාලිකව කැප කරන්නට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ කැපවිය. තමන්ට ලැබිය හැකි මැතිවරණ වාසි වෙන් වෙන්ව සළකා නොබැලූ පිරිස් එකට එක්ව සියලු මර්දනයන් පරදා ලක්ෂ 62ක ජනතාව සමඟ ජයග්‍රහණය ළඟා කර ගත්තේය. ඒ සැළසුම පසුපස සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග සියල්ලම තිබුණේය. කොටින්ම කිව්වොත් පොදු අපේක්ෂකයා දිනුවේය.

එතැන් සිට...

වසර තුනකුත් මාස නවයක් යහපාලන රජය විවිධ හැලහැප්පීම් මැද බොහෝ දේ ඉටු කළේය. ප්‍රගතිශීලී වැඩ කටයුතු රාශියක් සිදු කරන්නටත්, තවත් පියවරයන් සඳහා මූලික පියවරයන් සකස් කරන්නටත් යහපාලන රජයට හැකි විය. කරන කියන හැම දෙයටම අකුල් හෙළන ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් හමුවේ 19වන සංශෝධනය මගින් ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත, සුවසැරිය වැනි සෞඛ්‍ය සේවාවන් ස්ථාපිත කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළි සිදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා, සුළු ජාතික අයිතීන් ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රහිතවාදී ක්‍රියාමාර්ග රාශියක යහපාලන ආණ්ඩුව නිරත විය. රාජපක්ෂ පාලනයේ අඩුලුහුඩුකම් මැනවින් වටහා ගත් යහපාලන රජය ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබුණේය. රටේ ආර්ථීකය වෙනුවෙන් බොහෝ පියවරයන් ගත්තේය. අහක බැලූ විදෙස් රටවල් යළි අප දෙස බලන්නට විය. විශේෂ මහාධිකරණ පිහිටුවමින් පසුගිය රජය කළ කී දෑ විමර්ශනය කිරීම ආරම්භ කළේය. මේ සෑම විටෙකම අගමැතිවරයාට වඩා ජනාධිපතිවරයාව පැසසුමට ලක් වූ බව නම් අවිවාදිතය.

26 වනදා රාත්‍රිය..

එක්වරම සිරිසේන ජනාධිපතිවරයාව අඩි 6ක් යට යවන්න පිඹුරුපත් සැකසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේදී අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. එය සිදු වී විනාඩි ගණනක් ඇතුළත රටේ රාජ්‍ය මාධ්‍ය වටළන්නට රාජපක්ෂගේ චණ්ඩින් පියවර ගත්තේය. භීෂණයේ ආරම්භය එයම විය. එදා 2015 ජනවාරි 08 ට කළින් යුගය මෙන් මෙවරද සිරිසේන රාජ්‍ය මාධ්‍ය තමන් යටතට ගත්තේය. අගමැති වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කළේය. ඇමතිවරුන් ගේ ආරක්ෂාව ඉවත් කළේය. අරලියගහ මන්දිරයේ ජලය සහ විදුලිය කැපුවේය. ඉන් ද නොනැවතී මහින්දගේ නඩු ගොඩක් කතා කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නව මාරු කළේය. අවසානයේ රාජපක්ෂ තියරිය අනුව යමින් පාර්ලිමේන්තුවේ බහුතරය සැදීම සඳහා චීනයෙන් ඩොලර් කුට්ටි පිටින් මෙරටට ගෙන ආවේය. අවසානයේ මෙරටට විදෙස් බලවතුන්ගේ දෝෂාරෝපණ එල්ල වන්නට විය. ලංකාවේ ජනමාධ්‍ය වාර්තා නොකළාට රංගෙ බණ්ඩාර මහතාට මහින්ද පාර්ශවයෙන් මුදල් දෙන්න උත්සාහ කළ බවට වූ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය පුළුල් ව වාර්තා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නවත්වනවා. ජපානය හා අමෙරිකාව සිය ආයෝජන අත්හිටවූවේය. කොටස් වෙළෙඳපොලේ විදේශීය ආයෝජන අයින් ඉවත් විය. ඉරාන සම්බාධක අලුත් විය. මේ අතරේ මහින්ද පාර්ශ්වය දූෂිත බව ජාත්‍යන්තරය පුරාම කතාබහට ලක් විය.

මේ සියල්ල මැද ඉක්මන් විසඳුමක් අපේක්ෂාවෙන් මුදල් නෝට්ටු අච්චු ගැසීම වැඩි කළේය. විදෙස් මාධ්‍ය ශ්‍රී ලංකාවේ නිරුවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන තළු මරන්නට විය. රට යළි බල්ලාට ගියේය..

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාය

මේ සියල්ල මැද්දේ අද බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පැවති රැළියට සිරිසේන ජනාධිපතිවරයා ද ගොඩ වුණේය. ඔහු එහිදි කවුදෝ ලියා දුන් කතාවක් කීවේය. ඒ කතාවේ බොහෝ දේ කියැවුණේය. හැබැයි එකක් නොකියවුණේය. එනම් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ තැත පිළිඳබවයි. එදා ජාතිය අමතා සිදු කළ කතාවේ ඔහු කිව්වේ අගමැති වික්‍රමසිංහ මේ සිදුවීමට සම්බන්ධ බවය. හැබැයි අද ඒ ගැන වගේ වගක්වත් කීමට ඔහුට අමතක වී තිබුණේය. ඒ වෙනුවට ඔහු අද වෙන කතාවක් කීවේය. ඒ සමනල සිහිනයක් ගැන කතාවක් ය. ජනාධිපතිවරයෙක් නොකිව යුතු කතාවක් අද ඔහු කිව්වේය. රටේ තුන්වන පුරවැසියා වන කතානායකවරයාට වීරවංශ වැනි අට පාස් තවත් හීන මාන්නක්කාරයෙක් කියන වහසි බස් අපහාස අසමින් සිනාසුණේය. දේශපාලනයට ලිංගිකත්වය ඈඳා ගනිමින් ඔහු කතා කිව්වේය. එයට ඔහුගේ පුන්නක්කු බැලයන් හුරේ දැම්මෝය. අවසානයේ ඒ කතාව ඔහුගේ දේශපාලන පරිණතභාවය ලෝකයටම මනාව ප්‍රකට කළේය.

මේ අප එදා දුටු සිරිසේන ජනාධිපතිවරයා නොවේ. මේ එජාප පාක්ෂිකයා ඡන්දය දුන් සිරිසේන නොවේ. කොටින්ම කිව්වොත් මේ මැන්ඩෙලා ගාන්ධි ගැන කියූ මෛත්‍රිපාල සිරිසේන ජනපති නොවේ. මේ රාජපක්ෂගේ අණට කීකරු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාය.

බලය වෙනුවෙන් ඕනෑම ලබ්බක් කරන තැනට දැන් රටේ දේශපාලනය පැමිණ තිබේ. රටක් විදියට ඉදිරියට කෙසේ වෙතත් ආපස්සට නම් යාමට දැන් සිරි ලංකාව සූදානම් බව කිව යුතුය. දැන් කළ යුත්තේ ළඟ තිබෙන අඩුම කුඩුම ටිකත් රැගෙන පිටරට යන එකය. එහෙම නොවුණොත් සිරා මරා කල්ලියේ සුදු වෑන් මේ ලියන මට හා කියවන ඔබ ළඟට පැමිණෙන දිනය ද වැඩි ඈතක නොවන බව කිව යුතුය. මර්දනය භීෂණය ඇරඹෙන්නේ එතැනින්ය. ඒ මර්දනයේ පළමු වෙඩිල්ල එන්නේ සිරිසේනට ය. ඒ 2020 ට පෙර ඒ විය හැකිය.

- ප්‍රව්දා සිවකුමාර් -

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Monday, 05 November 2018 22:48

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us