පාප් වහන්සේගේ ජීවන තොරතුරු

Published in අනං මනං
Wednesday, 14 January 2015 11:29

1936 වසරේ සීතල උඳුවප් මාසයේ නත්තලට සතියකට පෙර රෙජිනා බෙගෝලියෝ සිය කුළුඳුල් දරුවා වන හොගේ (ස්පාඤ්ඤ බසින් ජෝර්ජ් යන්නට අනුරූපී නම) මෙලොවට බිහි කරත්දී එලෙස තම කුසින් උපන්නේ කිතුනු සභාවේ අනාගත නායකයා බව ඇය දැන සිටියේ නැත.

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි ෆ්ලොරස් නුවර පිහිටි තම පවු‍ලේ නිවහනේ එකල ගෙවුණු සන්ධ්‍යා කාලවලදී තමා සමග එක්ව ගුවන් විදුලියෙන් විකාශය වන ඔපෙරා සංගීතයට තාල ඇල්ලුවේ අනාගත පාප් වහන්සේ කෙනකු බව ඇය යන්තමින් හෝ සැක නොකළාට සැක නැත. දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක වැඩිමහලු දරුවා වූ හොගේ මාරියෝ බෙගෝලියෝගේ ජීවිතය එකල සිටි අන් සාමාන්‍ය දරුවන්ගේ ජීවිතවලට වඩා වෙනස් වූයේ නැති තරම්ය.

1926 දී හොගේගේ දෙමාපියන් වන මාරියෝ හොසේ බෙගෝලියෝ හා රෙජිනා බෙගෝලියෝ ඉතාලියේ සිට ආර්ජන්ටිනාවට සංක්‍රමණය වූයේ එකල පැවැති බෙනිටෝ මුසෝලිනිගේ ෆැසිස්ට් පාලනයෙන් මිදීම සඳහායි. මාරියෝ දුම්රිය සේවකයෙකු ලෙස සේවය කරමින් පවු‍ලේ බර කරට ගනිද්දී රෙජිනා ගෘහණියක ලෙස දැඩි අරපිරිමැස්මෙන් කටයුතු කරමින් දරුවන් පස්දෙනකු ඇති දැඩි කිරීමට දැඩි වෙහෙසක් දැරුවාය. තම අසල්වැසියන්ට

සාපේක්ෂව බෙගෝලියෝ පවුල දිළිඳු නොවුවද දැඩි අරපිරිමැස්මෙන් යුතු ජීවිතයකට සිය දරුවන්ව කුඩාවියේ සිටම දෙමාපියන් පුරුදු කර තිබිණි. අලුත් ඇඳුම්, මෝටර් රථ යනු pope5අන්තරාකාරී සුඛෝපභෝගී සැප සම්පත් ලෙස දුටු බෙගෝලියෝ පවුල කිසිදා නිවාඩුවක් ගතකිරීමට ගොස් තිබුණේ නැත. දුම්රිය සේවයේ නියුතු සම මට්ටමේ සේවකයන් බොහෝමයක් මුඩුක්කුවල වෙසෙද්දී තමන්ට නාගරික පරිසරයක පිහිටි නිවසකට උරුමකම් කීමට හැකිවීම ගැන බෙගෝලියෝ දෙමාපිය යුවළ තුළ තිබුණේ අහිංසක ආඩම්බරයකි. නමුත් කිසිවිටෙකත් ධනවාදයෙන් හිස උදුම්මා ගත් සිය සමකාලීනයන් මෙන් දිළින්දන්ව පහත් කර සැලකීමට කිසි විටෙකත් සිය දරුවන්ට ඉඩ නොතැබිමට ඔවුන් වගබලා ගත්තෝය. කුසගින්නෙන් හාමත්වූ දිළිඳු ළමුන් ඔවුන්ගේ සමාජ තත්ත්වය නිසා ධනවතුන්ගේ ගැරහීමට ලක්වන සමාජයක ජීවත්වෙමින් ලද අත්දැකීම් කුඩා වියේ පටන්ම පුහු අහංකාර ගති පැවතුම් පිළිකුල් කිරීමට හොගේ බෙගෝලියෝව පෙළඹවීය.

විල්ෆ්‍රඩ් බැරන් ඩී ලොස් සැන්ටෝස් ඇන්ගේලස් පාසලෙන්ද, පසුව එස්කුවෙලා නැෂනල් ඩී එඩියුකේෂන් ටෙක්නිකා තාක්ෂණික විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයද ලැබූ හොගේ ඉන් පිටවූයේ රසායන විද්‍යා තාක්ෂණවේදී ඩිප්ලෝමාවක් ඇතිවය. පසුව රසායන විද්‍යා පශ්චාත් උපාධියක්ද හිමි කර ගත්තද සාහිත්‍ය, සිනමාව හා කලාවට තරුණ හොගේ කවදත් දැක්වූ ඇල්ම අඩු වූයේ නැත. විසිඑක් හැවිරිදි වියේදී හොගේ පූජක වරම් ලැබිමේ බලා‍පොරොත්තුවෙන් ජේසු නිකායට ඇතුළු වුවද පූජාත්වරය ලැබිමට වයස අවුරුදු තිස්තුන තෙක් ප්‍රමාද වූයේ නොසිතූ ලෙස ඔහු බරපතළ නිව්මෝනියා තත්ත්වයකට ගොදුරුවීම නිසයි. ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ජීවිතයේ මතෛක් මුහුණ දීමට සිදුවූ සැලකිය යුතු එකම රෝගී තත්ත්වය ලෙස සැලකෙන මින් එතුමන්ට පෙණහැල්ලකින් කොටසක් අහිමි විය. ‍

පොත් කියවීමටත් ඔපේරා සංගීතයට සවන් දීමටත්, පමණක් නොව ලතින් ඇමෙරිකානු සංස්කෘතියේ අනන්‍යතාව කියාපාන මිලාග්නෝ සංගීතයට හා ටැංගෝ නර්තනයටද ඇලුම් කළ තරුණ හොගේ සම වයසේ මිතුරු මිතුරියන් අතරද ජනප්‍රිය චරිතයක් විය. නමුත් දේව කැඳවීම ලැබිමත් සමග එම විනෝදකාමී ජීවිතයට කැමැත්තෙන්ම සමුදුන් හොගේ 1969 දී පූජක දිවියට ඇතුළු වූ අතර එහිදී දැක්වූ දක්ෂතා නිසාම ඉන් වසර කිහිපයකට පසු ආර්ජන්ටිනාවේ ජේසු නිකායික පූජකයින්ගේ ප්‍රධානියා ලෙස පත් කෙරිණි. ජේසු නිකායිකයින්ගේ ප්‍රධානියා ලෙස ගෙවුණු එම සය වසරක කාලය බෙගෝලියෝ පියතුමන්ගේ ජීවිතයේ තීරණාත්මක කාලපරිච්ජේදයක් ලෙස සැලකෙන්නේ එකල පැවැති හමුදා පාලනය නිසාය.

එම කාලයේදී මානසික වශයෙන් ලද වේදනාකාරී අත්දැකීම් නිසාම ජේසු නිකායික ප්‍රධානී ධුරය අතහැර දමා යළිත් සැන් මිගෙල් සෙමනේරිය වෙත පැමිණි එතුමන් එහි ප්‍රධානියා ලෙස පමණක් නොව මුළුතැන්ගේ කෑම පිසීම් භාර ප්‍රධානියා ලෙසද වැඩ භාර ගත්හ. ළමා වියේදී තම මවගෙන් ඉගෙන ගත් සූපශාස්ත්‍ර ක්‍රමවේද ක්‍රියාවට නැගීමට ලැබුණූ මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් එතුමන් පූජක සිසුන් වෙනුවෙන් රසමසවුළු පිළියෙළ කළේ දක්ෂ සූපවේදියකු ලෙස නමක් දිනා ගනිමිනි. තමාගේ ඉවුම් පිහුම් හැකියාවන් ඇගැයීමට ලක්වත්දී සුපුරුදු පරිදි කවටකම් කරමින් එතුමන් කියා සිටියේ තමා පිසූ ආහාර නිසා ඒ වන තෙක් කිසිවෙකුත් මිය නොයාම ගැන අවංකවම සතුටු වන බවයි.

1985 වසර බෙගෝලියෝ පියතුමන්ගේ අධ්‍යාත්මික ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ වසරකි. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් පැවැත්වූ ජපමාල යාච්ඥා මෙහෙයකට එක්වූ බෙගෝලියෝ පියතුමන් පාප්තුමන් තුළින් දේවමාතාවගේ වැඩසිටීම විශේෂාකාරයකින් අත්දුටු අතර දිනපතා ජපමාලයේ අබිරහස් පහළොව සිහිපත් කරමින් යාච්ඥා කිරීමට එතුමන්
පෙළඹුණේ එදින සිට බව පැවැසේ. එසේම කිතුනු සභාවේ නායකත්වය සම්බන්ධයෙන් එතුමන් තුළ වූ උනන්දුව යළි පණ ගැන්වීමටද එම අවස්ථාව හේතුවූ බවට විශ්වාස කෙරේ.
1992 දී බෙගෝලියෝ පියතුමන් බුවනෝර්ස් අයර්ස්හි සහායක අගරදගුරුතුමන් ලෙස පත් කෙරුණු අතර සිය වසමේ සෙසු පූජකවරුන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වීමට එතුමන්ට වැඩි කලක් ගියේ නැත.

තමාව ඇමතීමට අවශ්‍ය පියතුමන්ලා වෙනුවෙන් ඔවුන්ටම වෙන්වූ විශේෂ දුරකථන අංකයක් ස්ථාපනය කළ බෙගෝලියෝ අගරදගුරුතුමන් තම සහය අවශ්‍ය වූ පියතුමන්ලාට දවසේ ඕනෑම වේලාවක තමාව අමතන ලෙසට ඔවුන්ව උනන්දු කළ සේක. ඕනෑම අර්බුදයකදී පූජකවරුන්ගේ සහය පතා නොපැකිල ඉදිරිපත් වූ එතුමන් කුඩා වියේ පටන් දිළින්දන් නගාසිටුවීමට දැක්වූ නොසිඳුණු ආශාව ඉටු කරගැනීමට සිය අගරදගුරු බලතල උපරිමයෙන් භාවිතා කළහ. දිවා රාත්‍රී වෙනසකින් තොරව තම වසමේ සංචාරයේ යෙදෙමින් මුඩුක්කු වැසියන් බැහැදකිමින්, ඒඩ්ස් රෝගීන් ආසිරි ගන්වමින්ද, පීඩිතයන් වෙනුවෙන් එතුමන් කෙතරම් කැපවුණා දැයි කියතොත් “මුඩුක්කුවේ බිෂොප්තුමන්” ලෙස එකල එතුමන්ට නමක්ද පටබැඳී තිබුණු බව කියැවේ.

pope7මහා බ්‍රහස්පතින්දා දිනයේදී ක්‍රිස්තුන් වහන්සේ සිය ගෝලයන්ගේ දෙපා සේදීම සිහිපත් කරමින් සිරකරුවන්ගේ, රෝගීන්ගේ හා වැඩිහිටි නිවාසවල වෙසෙන වියපත් පුද්ගලයන්ගේ දෙපා සේදීම තම සිරිතක් බවට එතුමන් පත්කර ගත්තේද මෙකලය. පාප් පදවිය හිමි වීමෙන් පසුව වුවද එතුමන් මෙම සිරිතට සමු දුන්නේ නැත. බිෂොප්තුමෙක් ලෙස එතුමන් ගත කළ ඉතා වෙහෙසකර වූද කාර්යබහුල වූද දින චර්යාව තුළ තමන් රුචි කළ ‍පොතක් පතක් කියවීම පවා එතුමන්ට දවසේ සුඛෝපභෝගී අංගයක් විය. පුහු ආටෝපය, අහංකාරත්වය
පිළිකුල් කළ, පීිඩිතයන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු නව යුගයේ මෙම අපූර්ව බිෂොප්තුමන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට මාධ්‍යවේදීන් පෙළගැසී සිටිද්දී නිරහංකාර සිනහවකින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් දෙවිදුන් වෙනුවෙන් නියැළෙන සේවයට මුල්තැන දීමට තරම් බෙගෝලියෝ පියතුමන් බැහැපත් වූහ. 2013 වසරේදී කිතුනු සභාවේ නව සුදතුම් පියාණන් ලෙස එතුමන් තෝරා පත් කරගැනීමට මේ හේතු සියල්ලත් දේව ආශිර්වාදයත් බලපෑ බව නිසැකය.

පාප් ධුරයට පත්වී සුළු මොහොතකින්ම එතුමන් තමා මතෛක් පත්වූ සෙසු සුදතුම් පියවරුන්ට වඩා සුවිශේෂී ලෙස වෙනස් චරිතයක් බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබුණේ උන්වහන්සේගේ නායකත්වය යටතේ කතෝලික සභාවේ විප්ලවීය වෙනසක් අත්දැකිය හැකි බව ඉඟි කරමිනි. අලුතින් තේරී පත්වූ පාප්තුමන්ට කාදිනල්වරුන්ගෙන් හිමිවන සුබපැතුම් පාප්තුමන් විසින් පිළිගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නේ එතුමන් තම සිහසුනේ අසුන් ගෙන සිටියදී වුවද නැගීසිට සුබපැතුම් පිළිගැනීමට බෙගෝලියෝ කාදිනල්තුමන් පෙළඹී තිබිණ.

පාප් පදවියේ නිරර්ථක සම්ප්‍රදායන් බොහෝමයක් එලෙස නොතකා හැරීමට පසුබට නොවූ එතුමන් පාප් ධුරයත් සමග හිමිවන සුඛෝපභෝගී පහසුකම් හා ඒ හා බැඳුණු සුඛෝපභෝගිත්වයේ සංකේත සියල්ල ඉවතලූයේ තමා අගය කළ ප්‍රතිපත්ති ක්‍රියාවෙන් ඔප්පු කරමිනි. දිළින්දන්ට සේවය කිරීමට පුදුමාකාර ආශාවක් දක්වන එතුමන් සිය සුදතුම් නම ලෙස අසිසියේ ශු.

ෆ්‍රැන්සිස්තුමන්ගේ නම තෝරා ගත්තේ එතුමන්ද දිළිඳන් වෙනුවෙන් අසීමිත ලෙස කැපවූ අයෙකු වන නිසායි. පාප් ධුරයට පත්වූ වහාම එතුමන් සම්ප්‍රදායිකව නව පාප්තුමෙක් පත්වීමත් සමග කාදිනල්වරුන්ට හා වතිකානු නිලධාරීන්ට ලබා දෙන වාර්ෂික අමතර දීමනා කපාහැර එම මුදල් දිළින්දන්ට පරිත්‍යාග කිරීමට පියවර ගත්හ.

 

-lakbima-

Last modified on Wednesday, 14 January 2015 11:32

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us