මැතිවරණ නිදහස් සහ සාධාරණ කිරීමට ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් ප්‍රායෝගික ක්‍රම සහ විධි සකස් කරගෙන තිබේ.
මෙහිලා අපට අදාළ වන ඉන් වැදගත්ම එකක් නම් ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු ආචාර ධාර්මික ජනමාධ්‍ය නියාමයන් ය. මන්ද යත් මැතිවරණයන්හිදී දැනුවත් තීරණයක් ගැනීමට පුරවැසියාට අවස්ථාව සැළසෙන්නේ සාධාරණ ජනමාධ්‍ය භාවිතයක් ඇති විට නිසා ය.
ශ්‍රී ලංකාවේ අද නැත්තටම නැති දෙයක් නම් මෙයයි. රජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් සිය අතවැසියන් බවට පත් කරගෙන ඇති අන්දම නොදන්නා අයෙක් නැති තරම් ය.
ජනමාධ්‍ය විසින් බොහෝ රටවලදී ප්‍රධාන අපේක්ෂකයින් අතර පවත්වන විවාද මාලාවන් මගින් පුරවැසියාට ස්වාධීන තීරණ ගැනීමට මහඟු අවස්තාවක් ලබා දෙයි. එසේ නමුත් ශ්‍රී ලංකාවේ බලයේ සිටින කිසිදු නායකයකු එවැනි විවාදයකට පැමිණ නැත. රනිල් වික්‍රමසිංහ සහ මෙමත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම එවැනි විවාද සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කළ ද මහින්ද රාජපක්ෂ එවැනි මුහුණට මුහුණ තරඟයකට දක්වන්නේ මාරාන්තික බියකි.
මහා ජනයා කරා විපාක්ෂික අදහස් ගලා යාමට දක්වන බිය රාජපක්ෂ ඒකාධිපතිත්වයේ පදනම ය. මහාජනයා නූගත් අශිෂ්ඨයින් ලෙස පවත්වා ගැනීම සෑම ඒකාධිපතියකුගේම අරමුණයි.
ඒකාධිපතියකු යනු සමාජ දේශපාලන දෙඅර්ථයෙන්ම අශිෂ්ඨයෙකි. සරම කැහැපට ගන්වා මං යකෝ මැදමූලන මරා යැයි කියමින් කැ කොස්සන් ගැසිමෙන් පෙන්නුම් කැරෙන්නේ එම අශිෂ්ඨත්වය යි. සිය පුත්‍රයාගේ නිල් බලකාය ලවා කලාකරුවන්ට පහර දෙවන පියකුගෙන් අපේක්ෂා කළ හැකි ශිෂ්ඨත්වය කුමක් ද? රාජපක්ෂ අශිෂ්ඨත්වයේ මේ ලැයිස්තුව කොපමණ දිග දැයි අපි හැම දනිමු.
එවැනි අශිෂ්ඨ දේශපාලනයක් පෙරදැරි කර ගත් මෙවර ජනාධිපතිවරණයේ රාජපක්ෂ මූලෝපාය වන්නේ මුදලට සහ භාන්ඩවලට පෘතග්ජනයා තුළ ඇති කෑදරකම ඉස්මතු කොට එමගින් ජන්ද ගරා ගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු මහා ජනයාගේ යහපත් ගති ගුණ ඉස්මත්තට ගෙනෙන අතර ඒකධිපතියා විසින් ඉස්මත්තට ගෙනෙන්නේ මනුෂයා තුල ඇති දරුණුකම සහ කෑදරකම් වැනි අශිෂ්ඨ ළකුණු ය.
පසුගිය දස වසර පුරා ගෙන ගිය සිය දේශපාලනය සහ ආර්ථික පිළිවෙත් සාර්ථක වී ඇත්නම් රාජපක්ෂට ජන්ද ලබා ගැනීම පිණිස ඔරලෝසු සහ දින දර්ශන සහ සිට මහන මැෂින් දක්වා ද සලමන් ඛාන්ලාද බෙදා දෙන්නට වන්නේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන සල්මන් ඛාන් සහ ජැකොලින් පර්නැන්ඩස් දන්නා ඉටි ගෙඩියක්වත් නැත. නාමල් නැමැති රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා විසින් පෙන්නුම් කරමින් සිටින්නේ මැරකමත් දූෂණයත් වංචාවත් අතින් තමා සිය ඒකාධිපති පියාට වඩා භීෂකයකු විය හැකි බවයි.
රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය සමස්තයක් වශයෙන්ම අල්ලස සහ දූෂණය මත පදනම් වූ එකකි. එය අවුලුවන්ට යන්නේ මිනිසා තුළ ඇති යහ ගුණ නොවේ. අවගුණය. එවැනි දේශපාලනයකින් රටකට හෝ ජනතාවකට ඇතිවන සුගතියක් නැත.