හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාව පොතක් ලියයි

Published in අනං මනං
Thursday, 18 September 2014 14:03

හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවක ලෙස සේවය කළ කාන්තාවක් තම ජීවන පුවත ලොවට හෙළිකර ඇත.

මාර්ගොට් වොල්ක් නම් වන ඇය දැන් 96 හැවිරිදිය. හිට්ලර්ට සැපයූ ආහාර පරීක්ෂා කිරීමට තමන් ඇතුලූ කාන්තාවන් කණ්ඩායමක් සිටි බවත් තමන් හැරෙන්නට අනෙක් අය සියල්ලෝ බර්ලිනය අත්පත් කරගත් රතු හමුදාවන් අතින් ඝාතනය වූ බවත් ඇය පවසන්නීය.

මාර්ගොට් වොක් ඇතුලූ කණ්ඩායමට පැවැරී තිබී ඇති රාජකාරියව ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර්ට සැපැයුනු ආහාර ඔහු අනුභව කිරීමට ප්‍රථමයෙන් අනුභව කර බැලීමයි.

‘‘අපි ආහාර ගන්නේ පුදුම බයකින්.පස්සේ ආහාර ගෙන අවසන් වෙලා අපට කිසි හානියක් වෙලා නැහැ කියලා දැනගත්තම අපි මහහඩින් බෙරිහන් දීලා අඩනවා ජීවිතය ගැලවිච්ච සතුටට.‘‘ඇය කියන්නීය.

මෙවන් කණ්ඩායමක් හිට්ලර් වෙනුවෙන් පිහිටුවීමට හේතුව වී තිබුණේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේදී ආඥාදායකයා මරණයට පත්කිරිමට වඩා සූක්ෂම ක්‍රම භාවිතයට සතුරා පෙළඹීමයි.ආහාර වලට වස දමා එවිය හැකි වීම ඉන් එක් ක්‍රමයක් ලෙස බර්ලින් බළධාරින් හඳුනාගත් අතර මාර්ගොට් ඇතුලූ ආහාර පරීක්ෂණ කණ්ඩායම පිහිටැවුනේ ඒ අනුවය.

‘‘ඔහු නිර්මාංශ භක්ෂකයෙක්.මස් මාලූ අනුභව කළේ නැහැ.ඒ නිසා අපිට ලැබුණේ සලාද,නූඩ්ල්ස් වැනි ආහාර.අපි ඒවා කා බලනවා.ඒවායින් අපට හානියක් වුනේ නැත්නම් තමයි ඔහුට ඒවා යැවෙන්නේ‘‘ මාර්ගොට් පවසන්නීය.

දෙවන ලෝක යුද්ධය නොපිටට පෙරැලෙන්නට පටන් ගැනීමත් සමග හිට්ලර් ‘‘වෘක අඩවිය‘‘ ‘‘වුල්ෆ්ස් ලෙයාර්‘‘ ලෙස හැදින්වෙන භූගත බංකර සංකීර්ණයක පදිංචියට ගිය අතර මාර්ගොට් ඇතුලූ කණ්ඩායමද එහි සේවයට අනුයුක්ත කෙරිණ.

හිට්ලර් මරණයට පත් කිරීමට නාසි හමුදාවේම නිළධාරියෙකු බෝම්බයක් සවිකළ අත්බෑගයක් ගෙන ආවේ මේ සමයේදීය.බෝම්බය පුපුරා ගියද හිට්ලර් දිවි ගලවා ගැනීමට සමත් විය.මෙම ප්‍රහාරයට අඩු වැඩි ආකාරයට සම්බන්ධ වූ 5000 ක් පමණ දෙනා හදුනාගත් නාසි බළධාරීහු ඔවුන් සියලූදෙනා මරා දැමූහ.

කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසන් වී බර්ලිනය රතු හමුදා ග්‍රහණයට පත්වූ විට මාර්ගොට්ට හිමිව ඇත්තේ අවාසනාවමය.ඇය ඇතුලූ ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන් රතු හමුදාවන් තමන්ගේ ආශාවන් සතර්පණය කරගැනීමට යොදාගෙන ඇත.

‘‘ඔවුන් අපව බර්ලින් නුවර බිම්මහලකට ගෙන ගියා.අපව දවස් 14 ක් තිස්සේ නොනවත්වාම දුෂණය කෙරුණා.හිට්ලර් එක්ක අපේ කිසි සම්බන්ධයක් නැහැ කියලා ඔවුන් හමුවේ වැඳ වැටිලා කීවත් කිසිම ඵලක් වුනේ නැහැ‘‘ ඒ අප්‍රසන්න අත්දැකීම මතක් වීදෝ ඇයගේ හඩ සැලෙන්නේය.

කෙසේ හෝ බ්‍රිතාන්‍යය හමුදා භටයෙකුගේ පිහිටෙන් ඇය එතැනින් ගැලවී බ්‍රිතාන්‍යය බලා පැමිණ තිබෙන්නීය.එහි අලූත් ජීවිතයක් ආරම්භ කළ ඇය මියගොස් ඇතැයි විශ්වාස කළ කාර්ල්වද අනාථ කදවුරක සිට සොයාගැනීමට සමත්වූවාය.දෙදනා එක්ව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළෝය.

‘‘වැඩක් වුනේ නැහැ.ඒ කාලයේ මම දුටුව, අහපු අප්‍රසන්න,පිළිකුල් දේවල් වල අදුරු මතකයන් ආයේ ආයේ මගේ ඔලූවේ හොල්මන් කරන්න ගත්තා.ඒවත් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න මට පුලූවන් වුනේ නැහැ. ඉතින් අපි දික්කසාද වුනා‘‘ඇයගේ හඩ ශෝකාත්මකය.

තවත් වසර කිහිපයක් ගතවෙද්දී කාර්ල් මිය ගිය පුවත ඇයට ලැබුණි.අද දිනය වන විට කාර්ල් මියගොස් වසර 24 ක් ගතව අවසානය.ඇයගේ වයසද අවුරුදු 96 ක් ව ඇත.

තවමත් තනිව ජීවත් වන අැය බ්‍රිතාන්‍යයේ කුඩා නගරයක පිහිටා ඇති නිවහනේ තම මතකයන් සමග තනිව සිටින්නීය.article-2315369-19802583000005DC-338 634x761

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us