ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය මඟින් ගොවි ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හිමි විය. කැත්ත, උදැල්ල සමඟ පොරබදන ගොවි ජනතාවට සරු අස්වැන්නක හිමිකම ලැබුණේ මහ පොළොව සමඟ බැඳි ආත්මාභිමානයෙනි. මේ තත්ත්වය 1977 දක්වා පවත්වාගෙන යෑමට 1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුවට හැකි විය. එහෙත් 1977 බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය සමඟ මේ තත්ත්වය උඩු යටිකුරු කළේය. විවෘත ආර්ථිකය සමඟ ඉදිකටුවෙන් පටන් සියලුම දේවල් විදේශ රටවල් ගෙන්වා ගැනීමෙන් අපේ දේශීය සම්පත්වලට වෙළෙඳපොළේ ඉඩක් නොවීය. අපේ දේශීය ආර්ථිකය විනාශ වූයේ ඒ අයුරිනි.
ඇඟලුම් ආර්ථිකයට මුල්තැන දීමත්, කාන්තාවන් විදේශ රටවල ගෘහ සේවිකාවන් ලෙස මෙහෙකාර සේවයේ යෙදීමත් සමඟ අපේ රටේ ආර්ථිකය වෙනස් මඟකට ගමන් ගත්තේය. අල, ලූනු, සහල්, පලතුරු පවා පිටරටින් ගෙන්වීම තුළ අපේ දේශීය ආර්ථිකය සුනුවිසුනු විය. ගොවිතැන සිය ජීවිකා වෘත්තිය කර ගත් බොහෝ ජනයා ඉන් ඈත්විය. 90 දශකය වන විට ගොවිතැනට උරුම වූයේ ඉතාම ඛේදනීය තත්ත්වයකි. පොලියට මුදල් ගෙන ගොවිතැන් කළ ගොවීන්ට වස පානය කිරීමට සිදු වූයේ මේ අවධියේදීය. නැවත ගොවීන්ට යහපත් කාලයක් උදා වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ක්‍රියා කළ යුගයේය.ඒ අනුව මහින්ද චින්තනය යටතේ ගොවීන්ට නොමිලේ පොහොර දීම සිදු විය.
1960 දශකයේ මුල් කාලයේ සිට හරිත ආර්ථිකයක් කියමින් රසායනික පොහොර භාවිතය ක්‍රම ක්‍රමයෙන් සමාජගත කළේය. 80 සහ 90 දශකය වන විට රූපවාහිනී නාලිකා මඟින් විවිධ ආකාරයේ දැන්වීම් විනාඩි ගණන් ගුවන් කාලය යොදවා ප්‍රචාරය කිරීමත් සමඟ ඉතා ශීඝ්‍රයෙන් කුඹුර සමඟ වල්නාශක වර්ග මෙන්ම රසායනික පොහොර භාවිතය ප්‍රචලිත විය. ඉන්පසු බීජ වර්ගවල සිට සියලුම රසායනික වර්ග වෙළෙඳපොළට පැමිණියේ ඒ අයුරිනි. වගාව සමඟ කිසිදු දැනුමක් නොමැති වල්නාශක විකුණන මුදලාලිලාගේ උපදෙස් පරිදි ගොවීන් කටයුතු කරන්නට විය. අදාළ බීජ වර්ග වෙළෙඳපොළෙන් මිල දී ගන්නා ගොවියා පළාතේ කෘෂිකර්ම මධ්‍යස්ථානයට වඩා සමීපව ක්‍රියා කළේ වල්නාශක රසායනික පොහොර සමඟ බීජ වර්ග විකුණන මුදලාලිටය. මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය.
දිනෙන් දින රටේ වකුගඩු රෝගීන්ගේ ගණන සහ පිළිකා රෝගීන්ගේ ගණන ඉහළ ගියේය. යහපාලන ආණ්ඩුව යටතේ පොලොන්නරුවේ වකුගඩු රෝහලක් විවෘත කළේය. මේ තත්ත්වයට සැබෑ විසඳුම් සෙවීමේ වුවමනාව පැවතියේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටය. එතුමා බලයට පත්වීමට පෙර සිටම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ‘සෞභාග්‍යයේ දැක්ම‘ තුළින් කාබනික පොහොර භාවිතය ගැන සඳහන් කළේය. බලයට පත්වීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට යුහුසුළු විය. ඒ අනුව ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සැබෑ වුවමනාවක්, කැක්කුමක් අන් කිසිවකුට වඩා ජනාධිපතිතුමාට ඇති බව නොරහසකි. අපේ රටේ ජනතාව නීරෝගිමත් ජනතාවක් වශයෙන් සිටිනු දැක්ම රටේ නායකයාගේ බලාපොරොත්තුවයි.
ඒ අනුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට වගා පාළු වූ ගොවීන්ට වන්දි දීම ආරම්භ කර ඇත. ගොවීන්ට වන්දි දීමට මිලියන 40ක් මේ වන විටත් රජයෙන් වෙන් කොට ඇත. අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ගොවි වන්දි ගෙවීමට මේ වන විටත් ක්‍රියා කරගෙන යයි. ඊළඟට නිෂ්පාදනයේ අඩුව සොයා බලා සාධාරණ වන්දි මුදලක් ගෙවීමට රජය කිසි විටෙකත් පසුබට නොවන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එය ගොවි ජනතාව වෙනුවෙන් මානුෂික තීන්දුවකි. කොවිඩ් අභියෝගය හේතුවෙන් ආර්ථිකයට දැඩි පීඩාවක් ගෙන දී ඇති මෙවන් මොහොතක වර්තමාන රජය ගොවියා අමතක නොකොට ගොවියාගේ හෙට දිනක සාර්ථක කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසිය යුතුය. මේ වන විට වී කිලෝවක මිල රුපියල් 100 (සියය) දක්වා වැඩි කර ඇතැයි අමාත්‍ය මහින්දාන්ද අළුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව අපේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සමත්ව ඇත.