සිපගන්නේ ඇයි?

Published in අනං මනං
Tuesday, 13 February 2024 11:59

ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබේ.
සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ අතර සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වෙයි.
එසේ නම් බොහෝ මිනිසුන් දෙතොල් සිප ගන්නේ ඇයි?
සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් ප්‍රේමවන්තයින්ට සිය පළමු සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක්!
දෙතොල් සිප ගැනීම බොහෝ යුරෝපීය සමාජ වල ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවද ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා බැහැර කරයි.
සංස්කෘතික බලපෑම
නව අධ්‍යනය මගින් නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168න් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40% ක ප්‍රමාණයක් පමණි.
අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම නව කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර විය.

දඩයම් කිරීමෙන් ජීවත් වන බොහෝ ගෝත්‍රික සංස්කෘති වල දෙතොල් සිප ගැනීම කිසිසේත්ම සිදු නොවන අතර එය ඉතා අප්‍රසන්න සහගත හැසිරීමක් වශයෙනුයි එම ගෝත්‍රිකයන් සලකන්නේ.
දෙතොල් සිප ගැනීමේ ඇරඹුම
වසර 3500කට වඩා පැරණි හින්දු සංස්කෘතික ලේඛනයක දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් ලියවී ඇති අතර මෙම ලේඛනය දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් වූ පැරණිම ලිඛිත සාධකයයි.
එම පැරණි සංස්කෘත ලේඛනයට අනුව දෙතොල් සිප ගැනීම හඳුන්වා ඇත්තේ සිය ආත්මය ප්‍රේමවන්තයා සමග හුවමාරු කර ගැනීමක් වශයෙනි.
මීට අමතරව ඊජිප්තුවේ ඉතා ඉපැරණි චිත්‍ර වල දැක්වෙන්නේ දෙතොල් සිප ගැනීමකට වඩා ගැහැණු රූප සහ පිරිමි රූප එකිනෙකා දෙස ලංව බලමින් මුහුණු එකිනෙකාට ආසන්නව තබා ගෙන සිටින ආකාරයයි.
වානරයා ගෙන් පැවත එන මනුෂ්‍ය වර්ගයාගේ මෙම කුතුහලය දනවන හැසිරීම සම්බන්ධ අධ්‍යනය ආරම්භ කිරීමට සුදුසුම ආකාරය, වානර වර්ගයේ චිම්පන්සීන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි.

චිම්පන්සීන්ගේ හැසිරීම අධ්‍යනය කළ ජෝර්ජියාවේ ඉමොරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන්නේ චිම්පන්සීන් සිය සහකරු හෝ සහකාරිය සමග සිප ගැනීම මෙන්ම වැළඳ ගැනීමද සිදු කරන බවයි.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ චිම්පන්සීන් අතර සිප ගැනීම දැක ගත හැකි වුවද වෙනත් කිසිදු සත්ව කොට්ඨාශයක මෙම හැසිරීම දැක ගත නොහැකි බවයි.
මිනිසුන් අතර පවතින දෙතොල් සිප ගැනීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව වශයෙන් අධ්‍යනය විසින් පෙන්වා දෙන්නේ සිය සහකරුවා තෝරා ගැනීමේ දී සහ ඔහු හෝ ඇය සමග ලිංගික එක් වීමකට පෙර එම පුද්ගලයාට තමන් කැමතිද යන්න තීරණය කිරීමට එම පුද්ගලයාගේ දහදියෙන් නිකුත් වන ගන්ධය උපයෝගී වන අතර සිප ගැනීම තුළින් සහකරු හෝ සහකාරියගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉතා පහසු ඉඩ කඩක් ලබා දීමයි.

images 1


ආකර්ශනීය සුවඳක්

ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම ප්‍රජනන කාර්යයට සිය සිරුර සුදානම් සරු කාලයන්හිදී නිකුත් කරන හෝමෝන මගින් තමන් වෙතින් නිකුත් වන දහඩියට ආකර්ශනීය සුවඳක් එක් කරන බව හෙළි වී තිබේ.
එම දහදිය සුවඳ ආග්‍රහණය කරන සහකරු හෝ සහකාරිය එම පුද්ගලයාට ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බවයි අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ.
විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව සිප ගැනීම තුළින් සිදු කරන්නේ සහකරුවන්ට එකිනෙකාගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉඩ සැලසීම පමණක් නම් මෙම හැසිරීමට පාදක වන අනෙක් ප්‍රබල හේතුව කුමක්ද?
නව අධ්‍යනය පෙන්වා දෙන්නේ දෙතොල් සිප ගැනීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන ඇතැම් සංස්කෘතීන් විසින් පරපුරෙන් පරපුරට ගෙන යන ප්‍රේමනීය හැසිරීමක් වන බවයි.

 සිපගැනීම විවිධ අරමුණු සඳහා සේවය කරන අතර සංස්කෘතීන් සහ පුද්ගලයන් අතර විවිධ අර්ථයන් දරයි. මිනිසුන් සිප ගැනීමට පොදු හේතු කිහිපයක් මෙන්න

සෙනෙහස ප්‍රකාශ කිරීමට:

සිපගැනීම යනු යමෙකු කෙරෙහි ආදරය, සැලකිල්ල සහ සෙනෙහස ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි. එය වචනවලට වඩා සමීප ආකාරයෙන් හැඟීම් ප්‍රකාශ කළ හැකි භෞතික අභිනයකි.

බැඳීම සහ සම්බන්ධතාවයට:

සිපගැනීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතර සම්බන්ධතාවයේ හැඟීම වැඩි දියුණු කළ හැකිය. එය මොළයේ ඔක්සිටොසින් ("ආදරණීය හෝමෝනය") සහ ඩොපමයින් වැනි රසායනික ද්‍රව්‍ය මුදාහරින අතර එය බන්ධනයට සහ සතුටේ හැඟීම් වලට දායක වේ.

සන්නිවේදනයට:

සිපගැනීමෙන් හැඟීම් සහ අභිප්‍රායන් රාශියක් ප්‍රකාශ කළ හැකිය. සන්දර්භය සහ සිපගැනීමේ වර්ගය අනුව එයට ආශාව, සැනසීම හෝ සමාව අයැදීම පවා ප්‍රකාශ කළ හැකිය.

භෞතික ආකර්ෂණය:

හාදුවක් භෞතික ආකර්ෂණය ප්‍රකාශ කිරීමට සහ ගවේෂණය කිරීමට මාර්ගයක් විය හැකිය. එය සමීප සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම මගින් ආදර සබඳතා සඳහා භූමිකාවක් ඉටු කරයි.

ආතති සහනයට:

සිපගැනීම ආතතිය අඩු කිරීමට සම්බන්ධ වී ඇත. සිපගැනීමේ ක්‍රියාව මගින් එන්ඩොර්ෆින් මුදා හැරීමට හේතු විය හැක, එය සන්සුන් හා මනෝභාවය ඉහළ නැංවීමේ බලපෑමක් ඇති කළ හැකිය.

සංස්කෘතික සහ සමාජ පිළිවෙත්: බොහෝ සංස්කෘතීන් තුළ, සිපගැනීම සමාජ සම්මතයක්, ආචාර කිරීමේ ආකාරයක් හෝ සංකේතාත්මක ක්‍රියාවකි. සිපගැනීමේ අර්ථය සහ වැදගත්කම සංස්කෘතික හා සමාජීය සන්දර්භයන් අනුව පුළුල් ලෙස වෙනස් විය හැක.

ජීව විද්‍යාත්මක හා පරිණාමීය හේතු: පරිණාමීය දෘෂ්ටිකෝණයකින්, විභව සහකරුවන් තක්සේරු කිරීමේ මාර්ගයක් ලෙස සිපගැනීම වර්ධනය වන්නට ඇත. එය පුද්ගලයන්ට ෆෙරමෝන හුවමාරු කර ගැනීමට සහ එකිනෙකාගේ සෞඛ්‍යය සහ ජානමය අනුකූලතාව පිළිබඳ තොරතුරු රැස් කිරීමට ඉඩ සලසයි.

ආදර සම්ප්‍රදාය: සිප ගැනීම බොහෝ විට ආදර සබඳතා සමඟ සම්බන්ධ වන අතර එය ආලය සහ ආදර ප්‍රකාශනයේ සාම්ප්‍රදායික සහ අපේක්ෂිත කොටසක් ලෙස සැලකේ.

සිපගැනීමේ වැදගත්කම පුද්ගලයන් සහ සංස්කෘතීන් අතර වෙනස් විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. එය බොහෝ දෙනෙකුට ආදරය සහ සමීපත්වයේ පොදු ප්‍රකාශනයක් විය හැකි නමුත්, විවිධ පුද්ගලයින් සඳහා සිපගැනීමේ අර්ථය හැඩගැස්වීමේදී පුද්ගලික මනාපයන් සහ සංස්කෘතික සම්මතයන් භූමිකාවක් ඉටු කරයි.

පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08)  රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේදී නිර්මාණය කිරීමට පියවරගෙන තිබුණා.

වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක්  දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය

TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.

ජාත්‍යන්තර රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්ත සම්මාන උලෙළක් ලෙස සැලකෙන එමී සම්මාන උලෙළේ දී ලාංකිකයෙකුට සම්මානයක් හිමි ව තිබේ.

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

ලයිකා සමුහ වියාපාරයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය පිටපත් රචිකාවියක් වන බුද්ධිනි ජයවර්ධන පසුගිය දවසක තම මුහුණු පොතෙහි අන්දොලත්මක සටහනක් තබමින් පවසා තිබුනේ චැනල් වල ලොකු පුටුවල ඉන්න ලොක්කන්ගේ ක්‍රියාකලාපය ගැනය. ඇය ඒ පිළිබදව මුහුණු පොතෙහි තැබූ සටහන මෙසේය,

''චැනල්වල ලොකු පුටුවල ඉන්න අයට බොන්නයි ටෙලි නාට්‍යවල රඟපාන සමහර බට්ටිච්චියන්වයි දීලා තමන්ගෙ නාට්‍ය දික් කරගන්නයි..නාට්‍ය දාගන්නයි එපා. ඒක හරි කැතයි. ඒවට ලොල් වුනාම ලොක්කො lineup වුන ඒවත් ගලවලා දානවා. ඒකෙන් අසාධාරණය වෙන්නෙ තවත් නිර්මාණවේදියෙක්ට. සමහරක් ලොක්කන්ගෙ මානසික විකෘතිතාව අඳුනගෙන ඒකට හරියන්න ටෙලි කරනවා තැන තැන කියව කියව " අරූගෙ ටේස්ට් එක මේක" කියලා.
මේ සටහන ලිව්වෙ මේ දවස්වල අපේම කීප දෙනෙක් මා එක්ක කිව්ව දේවල් එක්ක. ප්‍රවීනම අයගෙ lineup වෙච්ච ඒවා ගලවලා. ඒ ඔවුන් තමන්ගෙ නිර්මාණය හින්දා ලොක්කන්ට බොන්නයි ගෑනුයි නොදුන්න නිසා. එහෙමත් නැත්නම් ලොක්කන්ගෙ ලිංගික අසහනය සංසිඳුවගන්න නිර්මාණ නොකරන නිසා. එයාලව ගලවලා දාන්නෙ නිකම්ම නෙවෙයි . චැනල් එකක නාට්‍ය ගන්න ක්‍රියාවලියත් වෙනස් කරලා.
ඉස්සරහට නම් එක්කම දාන්න පුළුවන් වෙයි.
ලොකු පුටුවලට ලොකුයි කියලා හිතලා ගන්න එවුන් ගැන උන්ව දාන ලොක්කොත් හිතන්න ඕන මීට වඩා''

Screenshot 2023 12 18 094611

රංගන ක්ෂේත්‍රය තුළ පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු ලොක්කන් පිනවන්න එකී මාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදීනියන්ට සිදුවන අකටයුතුකම් පසුගිය කාලය තුළද සමාජ මාධ්‍යතුල දැඩි කතාබහට ලක්විය. වරෙක සමාජ මාධ්‍යතුල කාන්තාවක් ඇයට සිදු වූ සිදුවීම වීඩියෝවක් හරහා නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ අංක එක යැයි කියා ගන්නා ප්‍රධාන පුද්ගලික නාලිකාවක සම්මුඛ පරීක්ෂණයකදී එකී ආයතනයේ ප්‍රධානින් විසින් රැකියාව දෙන්න නම් ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවය.

තවත් විටෙක ස්වාධින රුපවාහිනී ජනප්‍රිය මාධ්‍යවේදිනියක වූ ඉෂාරා දේවින්ද්ද්‍රා තම මුහුණු පොතෙහි ආන්දෝලාත්මක සටහනක් තබමින් පවසා සිටියේ ආසම රස්සාව ආත්ම ගරුත්වය වෙනුවෙන් අත්හැරිය බවය.

''මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා....

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා...

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

"ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි....????''

කෙසේවෙතත් මෙම සටහන සමග එකී ආයතනයේ සභාපතිවරයා ඇතුළු පාර්ශවයන්ට එරෙහිව මාධ්‍යවේදීන්ගේ සංගම් මගින් ලිඛිතව ජනාධිපතිවරයා වෙතද වහාම පරීක්ෂණ පවත්වා සාධාරණයක් ඉල්ලා සිටියේය.

ඒ පිළිබදව එකී ආයතයේ සභාපතිවරයා දන්වා සිටියේ තමා කිසිවක් නොදන්නා බවත් වහා පරිෂණ සිදු කරන බවත් කියමින් මාධ්‍යවේදීන්ගේ පැනයන්ගෙන් කට්ටි පමිනින් සිටියේය. අවසානයේ තවත් එක් දක්ෂ මාධ්‍යවේදිනියක් රටට අහිමි කරමින් සියලු දේ කාලය සමග යටපත් කර ගැනීමට එකී ආයතනයේ සභාපතිවරයා පියවර ගෙන ඇත.

-P.M

Gossip

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ න...

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.   

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුව...

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන   

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශ...

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ව...

Connet With Us