විද්‍යා ප‍්‍රබන්ධ,චිත‍්‍රපට ආදියෙහි ප‍්‍රධානම තේමාවක් වුවද සැබෑ ලෝකයේ මිනිසා තවමත් හේමන්ත නින්ද සම්පූර්ණයෙන්ම ජයගෙන නැත.
‘‘හේමන්ත නින්ද'' යනු ගැඹුරු නින්දක් හා සමාන වන අතර එහිදී සිරුරේ පරිවෘත්තීය වේගය අඩුවේ.ඒ හා සමග හුස්ම ගැනීමේ වේගය,හෘද ස්පන්දනය ආදී කි‍්‍රයාකාරකම් වල වේගයද පහළ යයි.
මීයන්,වළසුන් වැනි සත්ත්වයෝ ස්වභාවිකවම ශිශිර තරණයට එළැඹෙන්නෝ වෙති. සීත සෘතුවේදී පරිසරයේ උෂ්ණත්වය පහළ යන විට ඔවුන්ගේ සිරුරු ඊට ප‍්‍රතිචාර දක්වනුයේ පරිවෘත්තීය වේගය අඩු කර සිරුර මේ තත්ත්වයට පත් කරවීමෙනි.මෙවිට ගැඹුරු නින්දකට එළැඹෙන එම සතුන් වසන්තයේදී පරිසර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට නැගෙන තාක් කල් නොනැගිටී.
මේ නින්දේ අරමුණ වන්නේ ශීත කාලගුණයන් හිදී සිරුර උණුසුම් කර ගැනීමට අනවශ්‍ය පරිදි ශක්තිය වැය වීම වැළැක්වීමයි.
මෙම කි‍්‍රයාවලිය මිනිසාටත් ආදේශ කළ හැකිදැයි බැලීම නාසා ආයතනයේ අපේක්ෂාව වී තිබේ.ගගනගාමීන් ශිශිරතරණයට පත්කරවිය හැකි නම් අඟහරු වෙත යැවෙන අභ්‍යාවකාශ යානයට ආහාර ද්‍රව්‍ය තොග ගණනින් පැටවීමට අවශ්‍ය වනු නැතැයිද ඒ නිසාම පෙර සැළසුම් කළාට වඩා ප‍්‍රමාණයෙන් කුඩා නමුත් කාර්යක්ෂම යානාවක් තැනිය හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.
අඟහරු වෙත යෑමට දින 180 ක පමණ කාලයක් ගතවනු ඇතැයි නිගමනය කර ඇත.
ගගනගාමීහු හේමන්ත නින්ද හෙවත් ශිශිරතරණයට පත්කෙරෙන ආකාරය සම්බන්ධයෙන් න්‍යායන් කිහිපයක්ම ඉදිරිපත්ව තිබෙන අතර ඒවා අතරින් නාසය ඔස්සේ යැවෙන ශීතකාරක ද්‍රවයක් මගින් සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පහත බස්වා සිරුර ශිශිරතරණයට පත්කරවීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.
මෙසේ ශිශිරතරණයට පත්කෙරෙන ගගනගාමීන්ට ආහාර සැපයීම පිටත සිට ධමනි වලට සම්බන්ධ කෙරෙන නාළ විශේෂයක් මගින් සිදුවනු ඇත.
ගගනගාමියා අවදි කරවීමට නාසයෙන් සැපයෙන් ශීතකාරක ද්‍රව ප‍්‍රවාහය නැවැත්වීම ප‍්‍රමාණවත් බව සදහන්ය.එවිට සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ඉහළ නැග ගගනගාමියා අවදි වනු ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ගගනගාමීන් කොටසක් ශිශිරතරණයේ පසුවෙද්දී තවත් කොටසක් වැඩෙහි යෙදිය යුතුයැයිද,සියලූදෙනා ශිශිරතරණයේ පසුව අගහරු වෙත පැමිණීමේදී අවදි විය යුතුයැයිද ආදී ලෙස අදහස්ද ඉදිරිපත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකිරීමට නාසා විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.