අමුතු පණුවෙක් (video)

Published in අනං මනං
Wednesday, 10 June 2015 10:54

තායිවානයේ ධීවරයෙකුට පසුගියදා අමුතුම ආකාරයේ තද කොළ පැහැති සත්වයෙක් හමුව තිබෙනවා. එම සත්වයා බෑලූ බැල්මට පණුවෙකුට සමානයි.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතින් හමුවේ සමරිසි අයිතීන් වෙනුවෙන් එකඟතාවය දැක්වීම ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අත් අඩංගුවට ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සෝනම්ට 30ක් ලු

Published in අනං මනං
Tuesday, 09 June 2015 14:23

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන සෝනම් කපූර්ගෙ උපන්දිනය අදයි. අද ඇයට වයස අවුරුදු 30 සපිරෙනවා.

චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.

බ්‍රසීලයේ රෝහලක සිදු කරපු  මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.

ක්‍රීඩා

Connet With Us