බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.
Facebook "Poke" එකක් විවාහ යෝජනාවක් දක්වා දුරදිග ගිය හැටි. (වීඩියෝ)
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපුර්ව පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලෝව ප්‍රකට ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වේ.
උදාරි මේ දවස් ටික ගෙවන්නේ හරිම කාර්යබහුල විදියටයි.ඒ මොකද කියනවානම් උදාරි මේ දවස් වල ඉන්නේ චිත්‍රපටයක රූ ගැන්වීමකට සහභාගි වෙලයි.චිත්‍රපටයේ නම තමයි “ආදරණීය කතාවක්“.ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ පුරා මාසයකටක් අධික කාලයක් රූ ගතකිරීම් සිදුකිරීමට නියමිතයි.මේ සිනමාපටයේ උදාරිත් සමඟ ප්‍රධාන භුමිකා හොබවන්නේ හේමාල් රණසිංහ හා අරුණි රාජපක්ෂයි.
මේ චිත්‍රපටයේ එන උදාරි පෙනී සිටින චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න උදාරීට සිදුවෙලා තියෙනවා.මොකද මෙහි එන උදාරි රඟන චරිතයේ ගිටාරයක් වයන දර්ශන බොහෝමයක් තිබිලා තියෙනවා.ඉතින් මේ චරිතය හරියාකාරව නිරුපණය කරන්න ඕන නිසා කවදාවත් ගිටාරයක් අතින් නොඅල්ලපු උදාරි ගිටාර් ගහන්නත් පුරුදු වෙලා.උදාරිගේ ප්‍රැක්ටිස් කිරිල්ල කොහොමද කියනවා නම් දැන් උදාරිට හොඳට ගිටාර් ගහන්නත් පුලුවන් කියන්නේ.
(cinema.lk)
ලොව පුරා වෙසෙන්නන්ගේ අවධානය සොරාගත් ‘ෆ්‍රොස්ටී’ නම් සුරතල් එළු පැටවා තනිවම ඇවිද යන්නට කළ දැවැන්ත සටනේ ප‍්‍රතිඵල අත්විදි සතුට විඳගන්නටත් පෙරම මියගිය පුවත පසුගියදා අසන්නට ලැබුණා.
ඉන්දියානු බාබි ගර්ල් ලෙස කොයි කවුරුත් හදුන්වන කත්‍රීනා දැන් ආයෙමත් ඉන්දියානු ටැබ්ලොයිඩ් පුවත්පත් වල මුල් පිටු සරසන්නියක් වෙලා.ඩුම් ත්‍රී සිනමාපටයෙන් පස්සේ කත්‍රීනා ආයේමත් ඕපාදුප වෙබ් අඩවිවල කතාබහට ලක්වෙලා තියෙන්නේ රතු පාට බිකිනියක් නිසයි.
නි. ඇමති සරන් කුමාර ගුණරත්නගෙන් මීගමුව කලපුවේ කඩොලාන වනසන ව්‍යාපෘතියක්
මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් නැවත වරක් ක‍්‍රියා කරමින් සිටී.
2014 ජුනි මස 9 වන දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මහජනතාවගේ අදහස් විමසමින්් මෙම ව්‍යාපෘතිය නැවතත් ක‍්‍රියාත්මක කිරීමට ධීවර ජනතාවගේ අදහස් ලබා ගෙන තිබේ. 2009 වසරේ දී පළමු ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ජනතාව හා පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමින. ඉන් පසුව 2012 වසරේ දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ කළ අතර එම අවස්ථාවේ දී ද පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ උත්සාහය ද ව්‍යර්ථ විය. එසේ තිබිය දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් තිබේ.
නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙහෙයවීම මත මීගමුව නගර සභාව මගින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති කඩොලාන වනාන්තරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර 36ක ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව පවතින මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටන එක ම විශාල කඩොලාන වනාන්තරය යි. මේ කඩොලාන වනාන්තරය මීගමු මෝය ආශ‍්‍රිත ව තලාදුව ග‍්‍රාම නිලධාරී වසමේ මීටර 100ක් පමණ පළල, කිලෝමීටර භාගයක් පමණ දිග වනාන්තර තීරයක් ලෙස ව්‍යාප්ත ව තිබේ.
පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් නිකුත් කළ 2001.08.10 දින හා අංක 05/2001 දරන අමාත්‍යංශ චක‍්‍රලේඛනයට අනුව මේ ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව මේ කඩොලාන වනාන්තරය 2009 අංක 65 දරන පනතින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වේ. ඒ පනතේ 20 වන වගන්තියට අනුව මේ කඩොලාන වනාන්තරයේ ශාක කපා ඉවත් කිරීම, එළි පෙහෙළි කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම, පාරවල් තැනීම හා ගොඩකිරීම ඇතුළු සියලූ ම ක‍්‍රියා තහනම් වේ. එවන් තහනම් ක‍්‍රියාවල නිරත වන තැනැත්තෙකු, වරදකරුවකු වන අතර, අවුරුදු දෙකක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පන්දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය. ඉහත සඳහන් දඬුවමට අතිරේකව, එම වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන ලද දඩ මුදලක් ගෙවීම ද කළ යුතු ය. එපමණක් නො ව එම වරද කිරීමෙහි ලා ආධාර අනුබල දෙන හෝ එවැනි යම් වරදක් කිරීමට සලස්වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර, ඔහු ද එම දඬුවමට ම යටත් විය යුතු ය.
එවන් තත්ත්වයක් පවතිද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර දේශපාලන බලපෑම් මත විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට වෙන් කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එසේ සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඩ ව සිටීම කණගාටුවට කරුනකි.
ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකක වැඩි ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.
එසේ තිබිය දී අක්කර අටක කඩොලාන වනාන්තරයක් විනාශ කර, කලපුව ගොඩ කිරීමට ලක්කර ක‍්‍රියාත්මක කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතියක් සඳහා පළමු ව ඉඩම් වෙන් කර දීම නීති විරෝධී ක‍්‍රියාවකි. ඊට ප‍්‍රථම මේ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර මේ ප‍්‍රදේශය එවන් ව්‍යාපෘතියක් සඳහා යෝග්‍යතාව හදුනාගෙන ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ව ඇත. එවන් පියවරයන් පවතිද් දී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තම හිතුමනාපය පරිදි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම පවතින අනපනත් උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව රටේ ස්වාභාවික සම්පත් වැනසීමට දායක වීමක් සහ සමාජීය හා පාරිසරික ප‍්‍රශ්න අලූතින් නිර්මාණය කිරීමට දායක වීමකි.
සාගරයේ හා කලපුවේ ජීවත්වන මත්ස්‍යයින්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් බෝවීම හා පැටවුන් වර්ධනය සිදුවන්නේ මෙම කඩොලාන පද්ධතිය තුළ ය. යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා මෙම කඩොලාන වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර ගොඩ කිරීමට ලක් කර යොදා ගැනීමෙන් මෙම සතුන්ගේ බෝවීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ම නතර වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස නූතන කලපුව හා ඒ ආශ‍්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ සිදු කරන සුළුකර්ම ධීවර කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වේ. එපමණක් නොව මේ හේතුවෙන් කලපුවේ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය සම්පූර්ණයෙන් ම අහිමි වී යයි. මෙම කලපුව හා එ් ආශ‍්‍රිත ව පිහිටන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සංක‍්‍රමණික හා නේවාසික තෙත් බිම් වාසි විශාල පක්ෂි ගහණයකට වාසස්ථාන සපයයි. මෙම ව්‍යාපෘතිය මඟින් ඒ තත්ත්වය ද දැවැන්ත බිඳ වැටීමකට ලක් වේ.
යෝජිත නිවාස ව්‍යාපෘතියක් සමඟ ම මෙම වනාන්තර පද්ධතියට සිදුවන හානිය මින් නතර නොවේ. නිවාස ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී ද තව දුරටත් ඉතිරි කඩොලාන වනාන්තර ප‍්‍රදේශ ගොඩ කරමින් ජනාවාස ව්‍යාප්ත කිරීම සිදු කරනු ඇත. අවසානයේ මෙම කඩොලාන පද්ධතිය ම මීගමු කලපුවට අහිමි වී යනු ඇත. අදුරදර්ශී දේශපාලකයන් විසින් ගනු ලබන මෙවැනි අනුවණ තීරණ හේතුවෙන් මීගමු කලපුවේ ජෛව ප‍්‍රජාවත් ධීවර කර්මාන්තයත් අවසානයේ දැවැන්ත බිඳ වැටීමකට ලක් වනු ඇත. අදාළ විෂය භාර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ම මෙම දැවැන්ත විනාශය සිදු කිරීමට පෙරමුණ ගැනීමෙන් පෙනී යන්නේ අ`දබාල දේශපාලකයින් රට පාලනය කිරීමෙන් රටට අත්වන ඉරණම ය.
එබැවින් අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පටු දේශපාලන උවමනාවන් මත රජයට අයත් මේ කඩොලාන වනාන්තර විනාශ කර නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට එරෙහි ව කඩිනමින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එපමණක් නොව මේ වනාන්තරය මැනීම් කර 2002.05.24 දින අංක 3243 දරන පිඹුර සකස් කර ඇත. එය ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කර අත්තේ මේ කඩොලාන වනාන්තරය රක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ය. නමුත් අද වන විට එය කොටස් දෙකක ට සකස් කර ඇත. එක් කොටසක් නිවාස ව්‍යාපෘතිය සඳහා සහ අනෙක් කොටස වන රක්ෂිතය සඳහා ය. මෙය සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩව සිටීම කණගාටුවට කරුනකි. අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ එම කඩොලාන වනාන්තර පද්ධතිය ගැසට් නිවේදනයක් මඟින් කඩිනමින් රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ය.
මේ කඩොලාන වනාන්තර පද්ධතිය මැනීම් කර වසර 14ක් ගත වී ඇති මේ මොහොතේ වත් එය රක්ෂිතයක් කිරීමට කඩිනම් නොවුනහොත් මේ කඩොලාන පද්ධතියේ අනාගත පැවැත්මට පමණක් නොව මීගමු කලපුවේ ජෛව ප‍්‍රජාව ගේ හා ධීවර ජනතාව ගේ අනාගත පැවැත්මට විශාල අහිතකර බලපෑම් එල්ල විය හැකි ය.
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය
(ලංකා සී නිව්ස්)