ඇමරිකා-කියුබා සබඳතා යළි ඇරඹෙයි

Published in විදෙස්
Thursday, 22 January 2015 10:30

දසක ගණනාවක් තුළ අමෙරිකාව සහ කියුබාව අතර පැවති විරසකය තුනීකරමින් පෙරේදා (21) දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වා ඇත. මේ අනුව දෙරට තානාපති සේවා යළි ස්ථාපිත වනු ඇති අතර සබඳතා තහවුරු වනු ඇතැයි වාර්තා වේ.

අමෙරිකාවේ සහ කියුබාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සහභාගි වන මෙම රැස්වීමේදී ආගමන - විගමන ගැටලු, තානාපති සේවා යළි ආරම්භ කිරීම, ව්‍යාපාරික සබඳතා තරකර ගැනීම ඇතුළු කරුණු කෙරේ වැඩි අවධානය යොමුවනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග කියයි.

කියුබාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳවැටුණේ 1961 දීය. හවානා නගරයේ දෙරට අතර මෙම ඓතිහාසික රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කැස්ට්‍රෝ මීට සති පහකට පෙර දෙරට අතර සබඳතා තහවුරු කරගන්නා බවට සිදුකළ ඒකාබද්ධ ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ඇමරිකන් නියෝජිත පිරිසේ නායකත්වය අමෙරිකන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබටා ජැකොබ්සන්ට හිමිවී ඇති අතර කියුබානු නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ කියුබාවේ අමෙරිකන් කටයුතු පිළිබඳ විදේශ අමාත්‍ය අධ්‍යක්ෂ ජොසෆිනා විඩාල් විසිනි.

අමෙරිකාව සමඟ සුහද සබඳතා ගොඩනඟා ගැනීම තුළින් තම ජන ජීවිතය යහපත් අතට හැරෙනු ඇතැයි කියුබානු ජාතිකයෝ බලාපොරොත්තු පළකර තිබේ. මේ වන විට කියුබාවේ ආර්ථිකය බොහෝ දුරට කඩාවැටී ඇතැයි වාර්තා වේ. මේ අතර අමෙරිකන් ජනයාගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති ඔබාමා විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය අනුමත කර ඇත. පස් වසරක් පමණ කාලයක් තුළ දෙරට අතර ගමනාගමනයට සහ වානිජ කටයුතු සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ද පසුගිය සිකුරාදා ඉවත් කර තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් කියුබානු රජය විසින් පසුගියදා දේශපාලන සිරකරුවන් 53 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.

මේ අතර අමෙරිකාව සහ කියුබාව අතර ගොඩනැ‍ඟෙන නව සබඳතාව පිළිබඳව සැක සංකා මතුකරන රුසියාව සිය නෞකාවක් අවට මුහුදේ සෝදිසි මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

(dinamina)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us