රුසියාවේ වත්කම් ගැන G7 සමුළුවේදී ගත් තීරණය

Published in විදෙස්
Friday, 14 June 2024 08:11

රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි.

ඒ අනුව, ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් යුද ආධාර ලෙස හිමිවනු ඇත.

මීට වසර දෙකකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටි බැවිනි.

‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි. ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් බොහොමයක් ‘නේටෝ’ සාමාජිකයන් ද වෙයි.

යුද ආධාර වශයෙන්, ‘ජී7’ නායකයන් යුක්රේනයට ලබා දෙන්නේ, විදේශවල ඇති අත්හිටුවන ලද රුසියානු වත්කම්ය. මෙම රුසියානු වත්කම් අත්හිටුවීම සිදු කෙරුණේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදීය.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක එම මුදල යුක්රේනයට හිමිවනු ඇත්තේ මෙම වසර අවසානයේ දීය.
‘යුක්රේන යුද්ධයේ දී අප කිසිම අවස්ථාවක යුක්රේනය අමතක කර නැහැ. අප කිසිම අවස්ථාවක පසුබසින්නේ නැහැ.’ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී තිබේ. ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී වෙයි. ‘ජී7’ නායකයන් සහ සෙලෙන්ස්කී අතරේ වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණු බව ද පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වසර 10 ක කාලයක් සඳහා යුක්රේනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් කළේය. කෙසේ නමුත් යුක්රේනය වෙනුවෙන් රුසියාව සමඟ සටන් වැදීමට කිසිම විටම ඇමෙරිකන් සොල්දාදුවන් යවන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකාවට අමතරව ජපානය ද යුක්රේනය සමඟ වසර 10 ක ආරක්ෂක ගිවිසුමකනට අත්සන් කළ බව පැවැසෙයි. ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ යුක්රේන ජනාධිපති අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us