බලු මස් තහනම්! දකුණු කොරියා පාලක පක්ෂය ප්‍රකාශ කරයි

Published in විදෙස්
Monday, 20 November 2023 21:43

දකුණු කොරියාව සුනඛ මස් තහනමක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව එරට පාලක පක්ෂය ප්‍රකාශ කරයි.

ඒ, එම පුරාණ චාරිත්‍රය සම්බන්ධයෙන් පරම්පරා අතර මතුවී තිබෙන මතභේදයට තිත තබමිනි.

දකුණු කොරියාවේ සුනඛ මස් කෑම තහනම් කර හෝ පැහැදිලිවම නීතිගත කර හෝ නැත.

සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානවල විවේචන සහ තරුණ පරම්පරාව මස් සඳහා ඇති ආශාව අඩුවීම හේතුවෙන් වසර ගණනාවක් පුරා රට තුළ එම මස් පරිභෝජනය අඩු වී ඇත.

“බලු මස් පරිභෝජනය පිළිබඳ සමාජ ගැටුම් සහ මතභේදයන් විශේෂ පනතක් සම්මත කිරීම මගින් අවසන් කිරීම සඳහා කාලය පැමිණ තිබේ” යැයි පාලක මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී යූ ඉයූ ඩොන්ග් රජයේ නිලධාරීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ පැවති රැස්වීමකදී පවසා ඇත.

මෙම වසර අවසන් වීමට පෙර රජය මෙම තහනම බලාත්මක කිරීම සඳහා පනතක් ඉදිරිපත් කරන බවත්, එය පාර්ලිමේන්තුවට යොමුකිරීමට අපේක්ෂා කරන බවත් ඔහු .පවසයි.

පනත, මෙම ශීත ඍතුවේ දී සම්මත වුවහොත්, එම කර්මාන්තය සම්පූර්ණයෙන් නතරකිරීමට වසර තුනක සහන කාලයක් ලබාදෙනු ඇත.

ඒ අනුව 2027 වන විට එම සුනඛ මාංශ පරිභෝජනය ඵලදායී ලෙස අවසන් වනු ඇත.

“මෙම නීතිය හේතුවෙන් වසා දැමීමට හෝ බලපෑමට මුහුණ දෙන ගොවීන්, මස් වෙළෙන්දන් සහ අනෙකුත් ව්‍යාපාර සඳහා අපි පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු,” යූ සඳහන් කරයි.

නීත්‍යනුකූලව ලියාපදිංචි වී සිටින සුනඛ මස් ගොවීන්ට, වෙළෙඳුන්ට සහ ආපනශාලා හිමියන්ට පමණක් වන්දි ලබා දෙන බවද ඔහු පවසයි.

හියුමන් සොසයිටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව මිනිස් පරිභෝජනය සඳහා වසරකට බල්ලන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ඇතිකර මරා දමනු ලැබේ.

පසුගිය කාලයේ එරට සුනඛ මස් විරෝධී පනත් අසාර්ථක වූයේ කර්මාන්තයේ නියැලෙන්නන්ගේ විරෝධතා සහ ගොවීන්ගේ සහ ආපනශාලා හිමියන්ගේ ජීවනෝපාය පිළිබඳ ගැටලු නිසාය.

සුනඛ මස් අනුභවය කොරියානු අර්ධද්වීපයේ අනාදිමත් කාලයක සිට පැවත එන පුරුද්දක් වන අතර එය සම්ප්‍රදායිකව ජුලි සහ අගෝස්තු අතර බොක්නල් සමයේදී ග්‍රීෂ්ම රස්නය මැඩපැවැත්වීමේ මාර්ගයක් ලෙස සැළකේ.

තරුණ පරම්පරාව මෙම පුරුද්ද බොහෝ දුරට ප්‍රතික්ෂේප කර ඇතත්, එය තවමත් පැරණි පරම්පරාව අතර පවතින බැවින් අවන්හල්වලින් සේවා සැපයීම සිදුකෙරේ.

2020 දී පවත්වන ලද මත විමසුමකින් හෙළිවූයේ දකුණු කොරියානුවන්ගෙන් සියයට 84ක් කිසි විටෙකත් සුනඛ මස් අනුභව කර නොමැති අතර පුරවැසියන්ගෙන් සියයට 59ක් පරිභෝජනය තහනම් කිරීමට සහාය දක්වන බවයි.

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-Yeol සහ ජනාධිපති ආර්යාව Kim Keon Hee සතුන්ට ආදරය කරන්නන් ලෙස හඳුන්වන අතර අයාලේ යන සුනඛයන් හදාවඩාගෙන ඇත.

ජනාධිපති ආර්යාව සුනඛ මස් පරිභෝජනය දැඩි ලෙස විවේචනය කරන්නියකද වේ.

එරට රජයේ දත්තවලට අනුව දකුණු කොරියාවේ සුනඛ අභිජනන ගොවිපල 1,150ක්, ඝාතකාගාර 34ක්, බෙදාහැරීමේ සමාගම් 219 ක් සහ අවන්හල් 1,600ක් පමණ ඇත

Last modified on Monday, 20 November 2023 21:44

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us