ඒ නිලේන්ද්‍ර දේශප්‍රිය නිර්මාණය කළ " තණ්හා රතී රඟා " ය.
කර්ම තුළින් මා දුටු නාමකරණය නිලේන්ද්‍ර දේශප්‍රිය ද යොදා ඇති අයුරු මම සිනමාව පුරා දුටිමි.
හුදු බෞද්ධ නාමයක් ඔස්සේ ගොඩනැගෙන සරලරේඛිය කතාවක් වෙනුවට " සම්සාරා " වැනි වූ ගැඹුරු අවකාශයකට " තණ්හා රතී රඟා " අප රැගෙන යති.
සරලවම කිවහොත්
අපි ,
' මිනී මරා ඒ සතුටට මහා පාරේ ක්‍ෂිර බත් උයා කෑ ජාතියක් ' වේ.
ත්‍රස්තවාදය නම් 'පිළිකාවට' හොර රහසේ ජාතකය දී ; සරමේ ගෑවුණු ශුක්‍රාණු ද ලොවට හොරා පිසදා ගත් ; ඒ පිලිබඳ මතක් කිරීම ද අමන යැයි කියන්නට තරම් අමන වූ ජාතියක්
එකී (අව)ජාතක දරුවා මරා ඒ අතුනු බහන් මතින් ජාතික ගී ගැයුහ.වේදිකා මත මොර දුන්හ.
නමුත් උතුරේ කන්‍යාව ගේ ගැබ පිහිටියේ කොහොමද යන්න අමතක කළහ.
අපි දැන් චලෙයි හී නාමු.
සිනමාකෘතියක් ලෙසින් මෙය මට නම් ඉතාමත් පැහැබර ය.
අදේශපාලනික වූ සිනමා බාප්පලාගේ කණට ගසන්න ට තරම් වන මට්ටමේ වූ මේ සිනමා කෘතිය ආරම්භයේ පටන් ම දැවැන්ත සංවාදයක් අප තුළ ම ගොඩ නගයි.
අවසානයේ සැබෑ යථාර්තය වන ලැහැබක් අසල මරා දමන්න ට අධ්‍යක්ෂක වරයා කටයුතු කිරීම අපූරුය.
නළුවරණය උපරිම ය.
ඒ රංග ප්‍රතිභාව ඔවුනට ම සුවිශේෂය .
සමනළ සංධ්වනියේ නළුවරණය සිහි විය.
සංගීතය මෙන්ම රූපරාමු ද ,වර්ණ සංයෝජනය ද ,හඬ සුසංයෝජනය ද , සංස්කරණය ද උපරිම තලයේ විය.
Blood Diamond වැනි උසස් සිනමා සාහිත්‍යක් තුළ ගිලෙද්දී දැනෙන අපමණ සුවය නිලේන්ද්‍ර දේශප්‍රිය මේ කොදෙව්වට ලබා දී ඇත.
පිං ඇති උන් ගිහිං නරඹත්වා . . . .! ! !
~ නුතන
දෙසවන් සමීර දයාරත්න