මගෙ ගම මාතර. ඉගෙනගත්තෙ රාහුල විදුහලෙන්. මං උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මට ෆැෂන් ඩිසයින් හදාරන්න හිතුණා. ඒ මගෙ ඇඟේ තියෙන්නෙ ඒ විෂය කියලා දැනුණ නිසා. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ඒ ගැන උපාධියක් දක්වා ඉගෙන ගත්තා. ඔය අතරෙ මං රැකියාවකට යනවා. ටිකකලක් එහෙම ඉන්න ගමන් මට මාගේ උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න හිතෙනවා. ඉතින් මං කළේ පාර්ට්ටයිම් කලාකරුවන්ට කොස්ටියුම් හදපු එක. ටීවී චැනල්වල ප්‍රෝග්‍රෑම්වලට සම්බන්ධවෙලා හිටපු කලාකරුවන්ට තමයි එහෙම කළේ. ඉන්පසුව මට දිගටම චැනල්වලින් කතා කළා. ස්ථිර සේවකයකු විදිහට මං සිරස ශක්ති සහ ටීවී 1 යන චැනල්වල වැඩසටහන්වලදි කොස්ටියුම් ඩිසයිග්න් කළා. ඔය කාලයේ තමයි මට මුණගැහෙන්නෙ රේණුකා බාලසූරිය මහත්මිය සහ පූජා උමාශංකර්ව.
ඔවුන් මගෙ නිර්මාණ දැකලා මාව සුනිල් ආරියරත්න සර්ට හඳුන්වා දෙනවා. පූර්ව සූදානමක් පවා නැතිව මාව තදින්ම විශ්වාස කරලා ඔහු මට අලිකතාව චිත්‍රපටයේ කොස්ටියුම් බාරදුන්නා. පිටපතත් එක්ක රැඳී සිටලා මං ඒ නිර්මාණය සාර්ථක කරගන්න උරදුන්නා. කාලවකවානුවක් නැතත් ඒක රජ කතාවක්. ඒ නිසා අඩුවක් නොවෙන්න වැඩ කළා. සුනිල් සර්ගෙ හිතේ තිබුණු අන්දමටම මං ඇඳුම් නිර්මාණය කළ නිසා ඒ විශ්වාසය මත ඔහු යශෝධරා චිත්‍රපටයට මට ආරාධනා කරනවා. මට ඒ ආරාධනාව ඇත්තටම පුදුමයක්. ඒ වාගේම අභියෝගයක්. පොඩි බයකුත් තිබුණා. ඒ කොතැනකදිවත් වරදින්න බැරිනිසා මේක බෞද්ධ කතාවක් නිසා මං පේ වුණා. වෙජිටේරියන් විදිහට කෑමකන්න පටන් ගත්තා. මෙහි ප්‍රධාන නළු නිළි යුවළ ඉන්දියාවෙ. ඒ නිසා අපට හමුවන්න බැරිවුණා. නව තාක්ෂණය ඔස්සේයි ඔවුන්ගෙ ඇඳුම්වල මෙෂර්මන්ට් ගත්තෙ. ඒකත් මට හොඳ අත්දැකීමක් වණා.
මං බයෙන් හිටියෙ පල්ලවී මා නිර්මාණය කළ ඇඳුම් ඇඳ බලනකම්. ඇයට ඒවා හරියටම හරිගියා. අපි ඇඳුම්වලට අමුද්‍රව්‍ය ගෙනාවෙ ඉන්දියාවෙන්. ඒවගේ වියදම්කරලා මෙහි ඇඳුම් සැකසුවේ. මේ චිත්‍රපටයෙන් පසුව සුනිල් සර් ඔහුගේ ඊළඟ චිත්‍රපටයටත් කතා කළා. පෞද්ගලික හේතුවක් මත මට එයටනම් යන්න බැරිවෙනවා. කෙසේ වෙතත් සුනිල් සර්ට මං තුතිපුදනවා මට මේ අවස්ථාවන් දුන්නට. යශෝධරා චිත්‍රපටයේ රූගතකිරීම්වලින් අනතුරුව ඒ ඇඳුම් සියල්ලම මා සතුව තිබුණේ. ඒ අතර තිබුණු සිවුරු සියල්ල මා පූජා කළා. එයත් මට අමතක නොවන අත්දැකීමක්.
(සරසවිය)