ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාව අද (03) කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රථම වරට රැස්වුණි.කථානායකවරයාට අමතරව, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න අද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමතිවරයාව සිටි සමයේ පොළොන්නරුවේදී ඔහුව ඝාතනය කිරීම සඳහා ක්ලේමෝ බෝම්බයක් ඇටවීමට පැමිණි බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකුට අද වසර 10 සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.

ඊළග අවුරුදු 05 ක කාලය තුළ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ අධ්‍යාපනය සදහා සිදු කරන වියදම් වලට බව ප්‍රතිපත්ති සම්පාදන හා අාර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් ඉන්ටර්නෙට් කැෆේ හෙවත් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට තනිව ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම තුළින් ළමා අපචාර රැසක් වළක්වා ගැනීමට හැකියාව පවතින බව ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය කියා සිටියි.

අද පෙරවරු 11 ට අභයාරාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව කල් දැමීමට මහින්ද පාර්ශවය තීරණය කර තිබේ. අද එහි පැමිණි මාධ්‍යවේදින්ට සවස 4ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

කහවත්ත , කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන අඹුසැමි යුවල ඉදිරිපත් කළ ඇප අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර අැත.

වත්මන් රජයේ ඇමැතිවරුන් රජයේ වාහන මැතිවරණය සඳහා භාවිත කරන්නේනම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුනට නියෝග කර අැත.

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us