18 ට අඩු අයට 'ඉන්ටර්නෙට් කැෆේ' තහනම්?

Published in පුවත්
Friday, 03 July 2015 13:09

වයස අවුරුදු 18 ට අඩු දරුවන් ඉන්ටර්නෙට් කැෆේ හෙවත් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට තනිව ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම තුළින් ළමා අපචාර රැසක් වළක්වා ගැනීමට හැකියාව පවතින බව ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය කියා සිටියි.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත්දා නියෝගයක් නිකුත් කළේය.ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු කිසියම් දරුවෙකුට අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානයකට ඇතුළු විය යුතු නම් ඒ සඳහා ඔවුන් සිය මව්පියන්, ගුරුවරුන් හෝ වෙනත් වැඩිහිටියෙකු සමග පැමිණිය යුතු බවයි අධිකරණය නියෝග කළේ.

වැඩිහිටියන් නොමැතිව දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ඉන්ටර්නෙට් කැෆේ අයිතිකරුවන් අත්අඩංගුවට ගත යුතු බවද අදාළ අධිකරණ නියෝගයේ සඳහන් වේ.

මෙම නියෝගය බලපැවැත්වෙන්නේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට අයත් බලප‍්‍රදේශය තුළය.

මෙම තීරණය දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීම වැදගත් පියවරක් වන බව නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පෙන්වා දෙයි.මේ වනවිට ළමා රක්ෂණ අධිකාරිය මෙම තත්වය පිළිබදව විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවද පැවසුවාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us