මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   Featured

Published in Gossip
Wednesday, 24 April 2024 11:18

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් රට අනාථ කරන්නේ නැතුව රට ඉදිරියට ගෙන යා හැකි අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු වගකීමක් බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ගාල්ලේ දී පැවසීය.

ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා සංස්කෘතික පදනම සංවිධානය කළ දක්ෂිණාභිමානී සම්මාන ප්‍රදානයෙන් පසු පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කථානායකවරයා මේ බව පැවසීය. තවදුරටත් කථානායකවරයා මෙසේද පැවසීය.

මෙය ජනතාවගේ වගකීමක් මිස මේ රටේ දේශපාලනඥයන්ගේ වගකීමක් වන්නේ නැහැ.

මෙවන් ජාතික වගකීමකින් යුතු මැතිවරණයකදී ජනතාව මනා සිහිකල්පනාවකින් යුතුව තීරණ ගතයුතුව තිබෙනවා.

මාධ්‍යවේදියෙක් – ගෙවී ගිය අරගල සමයේ දී ඔබතුමා බරපතළ ගැටලුවකට මුහුණ දුන්නා නේද?.

කථානායකවරයා – එවන් ශෝචනීය තත්ත්වයක් නැවත මේ රට තුළ ඇති වන්නේ නැහැ. එය මගේ එකම ප්‍රාර්ථනායි. එය අතිශයින්ම බිහිසුණුයි.

ඒ තරම් ම සංවේදියි. ඉතා භයානකයි. එවන් අවස්ථාවක් යළි මේ රටතුළ ඇති නොවිය යුතුයි. එදා මම කෙළින් නොසිට ඇලවුණා නම් රටට කෙළවෙනවා.

- දිනමිණ

Leave a comment

worky

worky1

ld add copy

Latest News

අලුතින් වාහන PERMIT ලැබෙන පිරිස

අලුතින් වාහන PERMIT ලැබෙන පිරිස

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන...

Connet With Us