20න් පහළ ආසියානු මලල ක්‍රීඩා දක්ෂයින් ජය ලබා අද දිවයිනට

Published in ක්‍රීඩා
Monday, 29 April 2024 11:10

වසය අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වුණි.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත දිවයිනට පැමිණියහ.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වුණි.

එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත්වුණි.

මේ අතර මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

කණ්ඩායම් නායිකා, නෙත්මිකා මධුෂානි,

"ඇත්තටම අපි හොඳ කණ්ඩායම් හැඟීමකින් වැඩ කළා. ලොකු අභියෝගයක් හම්බවුණා. ගොඩක් ආඩම්බරයි මේ වගේ ජයග්‍රහණයක් ගත්ත එකට."

කණ්ඩායම් නායක, ජුලියන් විජේසිංහ,
"මේ තරගාවලියේ අභියෝග කිහිපයක් තිබුණි. එකක් තමා දේශගුණය, ට්‍රැක් එකේ තත්ත්වය. අපි ඒ කිසිවක් නොබලා තරගයට මුහුණදුන්නා. අපි හොඳ මානසික තත්ත්වයකින් මුහුණදුන්නා ඒක තමා ජයගහනයටත් හේතුව."

 -P.M

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us