ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

Published in Gossip
Thursday, 25 April 2024 16:12

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලි ලෙස පිළිගනු ලැබීය.

ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත ත්‍රිවිධ හමුදා වර්ණ ධජ ගණයන්ගෙන් සමන්විත සම්මාන මුරයක් ද පිළිගන්වනු ලැබිණි.

නායකයන් විසින් දෙරටේ දූත පිරිස හඳුන්වා දීමෙන් අනතුරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සිය සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති රයිසි මහතා ජනාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
නායකයන් අතර සුහද කථා බහකින් අනතුරුව දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම, දේශපාලන, සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ද නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබීම ද දෙරටේ නායකයන් ඉදිරියේ සිදු විය.
ඉන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් වෙනුවෙන් භොජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි. එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධන කර තිබු නමුත් ඔහු ඒ මඟහැරීමට කටයුතු කර තිබිණි.

ඉරාන ජනාධිපතිවරයා සමග එක මේසයක, ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අසුන් පනවා තිබිණි. රාජ්‍ය තාන්ත්‍රක මට්ටමේ ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමින් ඔහු නොපැමිණිම කැපී පෙනුන තත්වයක් වී තිබිණි.

මේ අවස්ථාවට සජිත් සහභාගී නොවීම ඉරාන ජනධිපතිවරයාට ඉරාන ජනතාවට පහත් කොට සැලකීමක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නන්ගේ මතය වී ඇත. එසේම මෙය මුස්ලිම් ජනතාව නොසලකා හැරීමක් බවත් මේ පිරිස් පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us