ඉදිරි වසර 5දී ප්‍රමුඛතාවය දෙන්නේ අධ්‍යාපනය සදහා කරන වියදම් වලටයි-හර්ෂ (audio)

Published in පුවත්
Friday, 03 July 2015 13:18

ඊළග අවුරුදු 05 ක කාලය තුළ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ අධ්‍යාපනය සදහා සිදු කරන වියදම් වලට බව ප්‍රතිපත්ති සම්පාදන හා අාර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අධ්‍යාපනය රටක සංවර්ධනය සදහා ඉතා වැදගත් බවත් පාසැලෙන් එළියට පැමිණෙන තරුණ තරුණියන්ට හැකියා අවස්ථා අනුව ලෝකය බද්ධවීමට ඉඩ සැලසිය යුතු බවත් ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බවත් පැවසුවේය.

පසුගිය රාජපක්ෂ රජය රැකියා අවස්ථා අැති නොකර නැව් නොයන වරායන්,ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල් බිහිකළ බවත් ස්ටේඩියම් ඉදිකළත් ක්‍රිකට් නැති බවත්,ගුවන් පාලම් ඉදිකළත් වාහන නැති බවත් මෙසේ කෝටි ගණනින් සිදු කළ වියදම් වලට අද ගෙවන්නට සිදුවී අැති බව පැවසුවේය.


ජනතාව කන පරිප්පු කොත්තමල්ලි වලට බදු ගසා බලින් ලැබූ බදු අාදායම රුපියල් බිලියන 1050 ක් බවත් ණය පොළිය හා වාරිකය පමණක් රුපියල් බිලියන 1074 ක් බවත් පැවසුවේය.

එවැනි තත්වයක අධ්‍යාපනයට හෝ සෞඛයට වියදම් කළ නොහැකි අතර රජයේ සේවකයන්ට වියදම් කළ නොහැකි බව පැවසුවේය.මෙවැනි තත්වයක සිදුවූ සංවර්ධනයෙන් කිසිදු පලක් නොවූ බවත් විශාල පිරිසක් අසරණ වූ බව කියා සිටියේය.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වියදම් කරන මුදල අනුව ලෝක බැංකුව නිකුත් කර අැති වාර්තාව බලන කළ ශ්‍රීලංකාව සිටින්නේ එහි පහළින්ම බවත් ඒ තත්වය වෙනස්කළ යුතුයැයි කීවේය.

ලෝකය සමග පවතින සබදතා වර්ධනය කර ගත යුතු බවත් අාර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපනයන අාර්ථිකය දියුණුකර රජයත් සමග පුද්ලික අංශයේ අායෝජන වැඩිකර ණය ගැනීම වෙනුවට සෘජු අායෝජන ලබාගෙන මේ යන මග වෙනස්කර ඉදිරියට යායුතු බව පැවසුවේය.

 

Last modified on Friday, 03 July 2015 13:37

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us