ව්‍යවස්ථාදායක සභාව ප්‍රථමවරට රැස්වේ

Published in පුවත්
Friday, 03 July 2015 14:16

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාව අද (03) කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රථම වරට රැස්වුණි.කථානායකවරයාට අමතරව, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න අද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේය.

ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සැදුම්ලබන අතර සිවිල් සාමාජිකයන් තිදෙනා පත් කර නොමැති බැවින් එහි නිල සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ 7 දෙනෙකු පමණි.

කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක මෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න සහ ආර්.සම්බන්ධන් ගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විතවේ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ද අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී අවධානය යොමුවී අැති අතර මේ මස 9 වනදා යළි රැස්වීමට නියමිත බව වාර්තාවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us