ආඳාදොල ජලවිදුලි බලාගාරයට ජනතා අනුමැතිය ඇති බවට බොරු වාර්තාවක් යවලා

Published in පුවත්
Wednesday, 27 July 2016 12:19

මේවන විට මහජන විරෝධය මත නවතා ඇති නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස්කරමින් ඉදිකරන කුඩා ජල විදුලි බලාගාරයට එම ප්‍රදේශයෙ ජනතාවගේ අනුමැතිය හිමිවූ බවට ව්‍යාජ ලියැවිල්ලක් ජනාධිපතිවරයාට හා මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යොමු කර ඇතැයි වර්තාවේ.

පසුගිය කාලය පුරා මෙම ජල විදුලි බලාගාරයට දැඩි මහජන විරෝධයක් එල්ලවූ අතර ගාල්ලෙ සංවර්ධන කමි‍ටු සභාපති කැන්ටර් පියසේන හෙවත් පියසේන ගමගේ නම් පජාත දේශපාලකයා විසින් මැර තර්ජන උපයෝගී කරගෙන ඒ මැඩ පැවැත්වීමට උත්සහ ගත් බව අප මෙයට පෙර හෙළි කළෙමු. කෙසේ නමුත් මෙම විරෝධතාවය නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වන නව වාර්තාවක් තමාට ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් වරයා ඇතුළු වගකිවයුතු රජයේ නිලධාරීන්ට නියෝග කර තිබිණි.

ඒ අනුව පියසේන ගමගේ විසින් තමන්ගේ හෙංචයියකු වන අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදේශයේ ‍රැස්වීමක් කැඳවා එම ‍රැස්වීම සඳහා ඇත්ත ප්‍රදේශවාසීන් වෙනුවට පියසේනගේ මැරයන් ගෙන්වා ව්‍යාජ ‍රැස්වීමක් පැවැත්වීය. මේ ව්‍යාජ රංගනය හෙළි දරව් කිරීමට එම අවස්ථාවේදී පරිසර වේදියාකු හා සත්හඬ පුවත් පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා සමත් වූ අතර එහිදී පියසේනගේ මැරයන් විසින් ඔහුට ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. එම අවස්ථාවේදී අතිරේක දිසාපතිවරයාද ඔහුට තර්ජනය කර තිබුනේ මෙවා මාධ්‍ය සංදර්ශන මගින් වැලැක්විය නොහැකි බවත් ජල විදුලි බලාගාරය කෙසේ හෝ ඉදිකරන බවය.

අදාල රැස්වීමේදී බලාගාරයට ජනතා අනුමැතිය හිමිවූ බවට ව්‍යාජ ලේඛනයක් සකසා ජනාධිපතිවරා ඇතුලු රජයේ නිලධාරීන්ට මේවන විට යොමු කර අවසන්ය. මේ ඇත්ත ගැන පත්තර වල තොරතුරු පල වූවොත් හැර ජනාධිපතිවරයාද මේ බොරු වාර්තාව අනුමත කොට මේ විදුලි බලාගාරයට ඉඩදීමේ සම්බාවිතව ද ඉතා ඉහළය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලිමකදි වාරිමාර්ග දෙපාර්තමෙන්තු මූලාශ්‍ර වෙතින් හෙළි වූයේ මෙම ව්‍යාපෘතිය අනුමත කරන ලෙස දේශපාලකයන් ගන්නාවකින් ඔවුන්ට දැඩි බලපැම් එල්ලවී ඇති බවය.

මේ අතර ගාල්ලේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ඩබල් ගේම් දේශපාලකයකු වූ පියසේන ගමගේව දකුනේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවටත් මේ දිනවල මාධ්‍ය වාර්තා පළාවෙමින් තිබේ.

සැබැඳි පුවත්: 

ආඳා දොලේදී රෙදි ගැලවුණ කැන්ටර් පියසේන තවත් කුප්ප වැඩක් කරයි

පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය 

මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගනු ! - දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය 

පියසේනගේ මැරයෝ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහර දෙති. 

පියසේන ගමගේ ජනාධිපතිව මෝඩයාට අන්දවන හැටි 

ආඳාදොල ධම්මිකට දෙනකම් පියසේනට නින්දයන් නෑලු. සිරිසේනටත් වගේ වගක් නැතිලු 

ධම්මික පෙරේරාට පියසේන ගමගේත් යටත් වෙයි 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us