ආඳා දොලේදී රෙදි ගැලවුණ කැන්ටර් පියසේන තවත් කුප්ප වැඩක් කරයි

Published in පුවත්
Thursday, 14 July 2016 08:09

ආඳා දොල හරස් කළ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා එම සමාගම ගන්න උත්සාහය වෙනුවෙන් එම සමාගමේ දොල පිදෙනි ලබමින් සිටින කැන්ටර් පියසේන හෙවත් පජාත දේශපාලන තකඩියකු වූ පියසේන ගමගේ පසුගියදා ඔහුගේ මැරයන්ගෙන් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එරෙහිව අභුත චෝදනා නගා ඔහුව මෙල්ල කිරීමේ උත්සාහයක නිරතව සිටී.

දයා නෙත්තසිංහට ප්‍රහාර එල්ල කළ මැරයන් තිදෙනකු නෙලුව පොලිසිය විසින් අත් අඩංගුවට ගත් නමුදු මේවන විට ඔහුන්ව නිදහස් කර හැරීමට පොලීසිය කටයුතු කර තිබේ. මේ මොඩ මැරයන් සමග තමන්ට ගැ‍ටුමක් නැති බව දයා නෙත්තසිංහ  පොලිසියට දුන් ප්‍රකාශය පදනම් කරගෙන් ඔවුන්ව නිදහස් කිරීමට පොලීසියේ විරෝධයක් නැති බව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ. මෙම මැරයන් පියසේන ගමගෙ ගේ සමීපතම ගෝල බාලයන් බවත් මේවන විට අනාවරණය වී ඇති අතර පොලිසියද ඊට නොදෙවෙනි බවත් දැන් ගන්නට ලැබී තිබේ.

එමෙන්ම ඊයේ (13)රාත්‍රියේදී පියසේන ගමගේ පසුගිය අගහරුවාදා ‍රැස්වීම පැවැති නාථාරාම විහාරස්ථානයට හා මියනවතුර විහාරස්ථානයට සමාගමේ නියොජිතයන් හා ඔහුගේ මැරයන් සමග ගොස් එම විරාරාධිපතිට තර්ජනය කර තිබේ. ඒ දයා නෙත්තසිංහ විසින් බෞද්ධ භික්ෂූන්ට අපහාස කළ බවට පොලිස් පැමිණිල්ලක් දමන ලෙසය. ඒ මෙම මියනවතුර විහාරස්ථාධිපතිව ද සමගම විසින් මුදලට බිලී බාගෙන ඇති බවට කළ ප්‍රකාශය පදනම් කරගෙනය

මෙම ජල විදුලි බලාගාරය තැනිම සඳහා ගම්වාසින්ගෙන් වන විරෝධය යටපත් කිරීම සඳහා එම සමාගම විසින් මීට පෙර මෙම මියනවතුර විහාරස්ථානට ලක්ෂ 15 ක මුදල් දි තිබෙන බවද හෙලිව තිබිණි. මේ නිසා එම විහාරාධිපති මෙම සටන මඟහැරීම දිගින් දිගටම සිදු කළේය. සමාගම මගින් මුදල් දුන් බව එම විහාර දායක සභාව ද ගම්වාසින්ද දන්නා ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් පියසෙන  ගේ මැරයන්ට එරෙහිව වන නෛතික කටයුතු වලදී හා පියසේන, ජල විදුලි බලාගාරය වෙනුවෙන් වන වෙහෙසීමට ඕනෑතරමින් මුදල් ගෙවීමට හැකි බව මෙම ජලවිදුලි බලාගාරාය තනන ඊශා හෝල්ඩිංග්ස් සමාගමේ බලධාරියකු ඊයේ දිනයේදි නාථගල විහරස්ථාන භූමියේදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් දැන ගැනීමට තිබේ.

Last modified on Thursday, 14 July 2016 08:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us