කඩොලාන විනාශ වෙන්නට හැර කෞතුකාගාරයක් පිහිටවූ ලෝකයේ පළමු පාලකයා මෛත්‍රී

Published in පුවත්
Wednesday, 27 July 2016 11:33

ශ්‍රි ලංකාවේ ගංගා මෝය සහ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරය ලෝ ප්‍රකටය. ඒ අතරින් මුතුරාජවෙල ගැන නොදන්නා කෙනෙකුද නැත. එහෙත් දැන් ඒ කඩොලාන අවසන් වෙමින් පවතී. ඒ කපා කොටා විනාශකර දමමින් තිබේ. අපේ පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රීපාලය. තමන්ගේ විධායක බලතල පාවිච්චි කරන්නේ පරිසරය වෙනුවෙන් පමණක් බව කියන ජනාධිපතිවරයාට කඩොලාන තබා තණ කොළ ගහක්වත් ‍රැක ගැනීමට නොහැකි බව ඔහුගේ බාවිතාවෙන්ම ඔප්පු කොට පෙන්වා තිබියදී වූවත් කඩොලාන විනාශ කරමින් තිබෙන ලංකාවට ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරයක් පිහි‍ටුවා ලෝක ඉතිහාසයට එකතු විය. ඒ ඔහුගේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලෙස වර නැගීම ද ඉදිරියේ දි සිදුවනුද ඇත.

ඒ අනුව ලෝකයේ පළමු කඩොලාන කෞතුකාරය හලාවත, පම්බලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26දා) ආරම්භ කරනු ලැබීය. ලෝක කඩොලාන දිනය යෙදි තිබුණේද ඊට පෙර දිනයේදීය.

පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යය භාරයක් ඉටුකරනු ලබන කඩොලාන ශාක කාබන්ඩයොක්සයිට් උරා ගනිමින් ඔක්සිජන් පරිසරයට නිකුත් කරනු ලබයි. මෙම කෞතුකාගාරය හරහා කඩොලාන ශාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, කඩොලාන පිළිබඳව දේශීය හා විදේශීය පර්යේෂණ කිරීමත් සිදු කිරීමට නියමිතය. මෙහිදී කඩොලාන පිළිබඳව ළමුන් හා වැඩිහිටියන් දැනුවත් කිරිමට නියමිත අතර පළමු වසරේදී කෞතුකාගාරයට සිසුන් 20000 පැමිණෙතැයි ද විශ්වාස කරතැයි පැවැසේ. කෙසේ වුවත් අනාගත පරපුරට කඩොලාන දකින්නට වන්නේ මේ කෞතුකාගාරයෙන්ම පමණක් විය හැකිය. කඩොලාන ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් නමුත් එය කඩදාසි වලට සීමාවී පවතී.

එසේම පසුගිය වසරේදී ආසියාවේ පවතින කඩොලාන පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයකට අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් 194000ක් (රුපියල් 28,673,200- දෙකෝටි අසූහය ලක්ෂ හත්තෑතුන් දහස් දෙසීයක්) ලෙස හඳුනාගෙන තිබෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට කඩොලාන හෙක්ටයාර 10000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එහි ආර්ථික වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 28,670ක් පමණ වෙයි. එහෙත් ඒ ඉවක්බවක් නොමැතිව සංවර්ධනයේ නාමයෙන් විනාශ කරමින් තිබේ.

ලෝකයේ, පරිසරය විනාශ කරමින් සිටින ප්‍රමුඛත්ම රටවල් 5 අතර සිටින ශ්‍රි ලංකාවට එම පරිසර විනාශය වලක්වා ගැනීම වෙනුවට මෙවැනි කෞතුකාගාර හෝ පිහි‍ටුවීමේ සංකල්පය අනුව ඉදිරියේදි අලි ඇතුන් හා වන සතුන් කෞතුකාගාර, දිය ඇලි කෞතුකාගාර, ගහ කොළ කෞතුකාගාර ආදියද බිහිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

ක‍ඩොලාන - ශ්‍රි ලංකාව (විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය)

Last modified on Wednesday, 27 July 2016 11:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us