මහින්දවයි මෛත්‍රීවයි පන්නන 2020 ගේම් එක හෙළිවීමෙන් ගොඨාට මළ පැනලා !

Published in පුවත්
Tuesday, 26 July 2016 19:07

මෛත්‍රීපාල සිරිසේන මහතා මිළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබුණද යම් ලෙසකින් හෝ 2020 වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔහුව යළි ඉදිරිපත් කිරීමට ශ්‍රීලනීපය තීන්දු කිරීමේ ඉඩක් පවතින බැවින් එම තත්වය වැලැක්වීම වියයුතු බවත් එමෙන්ම ජනාධිපතිවරණයේ ශ්‍රී ලනීප අපෙක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවන බවත් පසුගිය සිකුරාද සවස නුගේගොඩ ගංගොඩවිල පිහිටි ස්ථානයකදි පැවැත්වූ ‍රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ පවසා ඇත.

මෙම තොරතුරු CIA.lk නම් වෙබ් අඩවියක පලවීමෙන් පසුව පරළ වී ඇති ගොඨාභයගේ වෘෂණ පිරිමදින්නන් .lk ඩොමෙන් ලියාපදිංචි කරන කාර්යාලයට කතා කොට මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් කවුද යන්න විමසා ඇති බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හා අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් වල සිය පැරණි හිතවතුන් අමතා එම වෙබ් අඩවිය ක්‍රියා විරහිත කිරීමට හෝ ගත හැකි පියවරයන් ගැන විමසා ඇති බව අප වෙත දැන ගැනීමට තිබේ. එමෙන්ම රාජපක්ෂවරුන් වෙනුවෙන් පවත්වාගෙන මඩ ( තනිකරම මඩ) වෙබ් අඩවියක් හරහා මේ කුමත්‍රණය හෙළිවීමෙන් වූ දරා ගත නොහැකි වෛරය එළි දැක්වීමද සිදු කර තිබේ.

රාජපක්ෂ යුගයේදී ඇත්ත කියන මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන විනාශ කරමින් වෙබ් අඩවි තහනම් කරමින් අනුගමනය කළ නරුම ක්‍රමවේදයම මේ වකවානුවේදීත් ක්‍රියාවට නැගීම සඳහා ගොඨාභය ගන්නා උත්සහය අනුව 2020 දී රටේ කරුමයකට හෝ ඔහු රටේ පාලනය අතට ගත හොත් වෙන්නෙ කුමක්ද යන්න ගැන දැනටමත් ඔහු විසින්ම පෙන්නා දී තිබේ.

ඉහත කී ‍රැස්වීම සංවිධානය කර තිබෙන්නේ ගෝඨාගේ වෙනම මෙහෙයවන ' වියත් මඟ ' නැමැති සංවිධානය මඟිනි. මෙම සංවිධානට රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනාවන්ට වෙනස්ව ගමන් ගන්නා අතර මේ සම්බන්ධයෙන් මහින්ද හා බැසිල් රාජපක්ෂගේ විරෝධයද එල්ල වී තිබිණි. ඒ කෙසේ නමුත් මෙම රැස්වීම අමතා ගොඨාභය රාජපක්ෂ පවසා තිබුනේ අයියා දැනට දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියද ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් නැති බවත් තමා ඒ වෙන කොට එළියට එන බවත්ය. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසීම සිය සංවිධානය මඟින් සිදු කරන බවත් එහිදි අවශ්‍ය මතවාදයන් සමාජ ගත කිරීම වෙබ් හා සමාජ ජාලා කරුවන්ට පැවැරෙන බවත් මෙහිදී අවධාරණය කර තිබේ. මෙම රැස්වීම සදහා කැඳවා තිබු බහුතරය රාජපක්ෂවරු වෙනුවෙන් මඩ වෙබ් අඩවි හා සමාජ ජාලා පවත්වාගෙන යන පිරිසකි.

මේ දිනවල ආණ්ඩුවේ අර්බුද වැඩි වැඩියෙන් ඇති බවත් එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැ‍ටුම් කාරිත්වයක් ඇති බවත් වැඩිපුර උලුප්පවා දක්වා රට මෙම තත්වයට පත් වූයේ ජනාධිපතිවරයා එජපය සමග හවුල් ආණ්ඩුවකට යෑම නිසා බවත් සමාජ ජාල හරහා ප්‍රචාරය කළ යුතු බවත් මෙම සංවිධානය වෙනුවෙන් සහභාගී වූ විද්වතුන් විසින් පෙන්වා දි තිබේ. මෙම ‍රැස්වීමට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරණද සහභාගී වී සිටියේය. පසුගිය රාජපක්ෂ භීෂණය පාලනයේ යුධ හමුදා බුද්ධි අංශ මෙහෙයවමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ප්‍රමුඛ කාර්යා භාරයක් ඉ‍ටු කළෙ මේ හෙන්දාවිතාරණ බව එවකට හෙළිව තිබිණි. මුස්ලිම් වරුන්ට පහර දිමේ බොදු බල සෙනා කුමන්ත්‍රණ්යද මේ හෙන්දවිතාරණ විසින් මෙහෙයවනු ලැබුවක් බව එවකට මංගල සමරවීර විසින් හෙළිදරව් කළ අතර රාජපක්ෂ්වරුන්ට ඒ ගැන කටඋත්තරද නැති විය.

පහත පළ වන්නෙ මෙම ‍රැස්වීමේ අවස්තා කිහිපයකි. මෙහිදී විදේශගතව සිට මඩ සමාජජාලා පි‍ටු මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙකුද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සමාජජාලා හරහා මඩ පුවත් නිර්මාණය කිරීම ගැන ‍රැස්ව සිටි පිරිසට උපදෙස් ලබා දීමද එම අඩුපාඩු කම් ගැනද පවසා ඇත. එම ඡායාරූප cia වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී

13823338 10207797012747521 1493800263 n13650362 10207797013307535 989733023 n13650491 10207797013107530 144729165 n13672522 10207797013147531 1834399032 n13866702 10207797013467539 2023454723 n13866854 10207797013507540 105001328 n

Last modified on Tuesday, 26 July 2016 19:25

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us